අගහිඟකම් වලින් දුප්පත් වුවත් අාදරයෙන් පොහොසත් යුවළක්
- 8 08 2017
- 11:27
- {{hitsCtrl.values.hits}} views
- එස් කරුණාරත්න
හදිසියේ දෑස නොපෙනෙන තත්ත්වයට පත්වූ බිරිඳ ජීවත් කරවමින් දිවිගෙවන ආදර්ශවත් සැමියෙකු පසුගියදා හබරණ, මොරගස්වැව ප්‍ර‘දේශයේදී අපට හමුවිය.
ආර්.එම්. පියසිරි රත්නායක (අවු.57) මහතා හා එම්. පුන්චි කුමාරහාමි (අවු.57) මහත්මිය කුලී වැඩ කරමින් ජීවත් වෙති. මීට මාස නවයකට පමණ පෙර පුන්චි කුමාරහාමි මහත්මියගේ දෑස් නොපෙනෙන්නට වී ඇති අතර, නැවත ඇයට පෙනීම ලබාගැනීමට ඇයගේ සැමියා ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ඇත.
තම බිරිඳගේ සියලු කටයුතු සිදුකිරීමට අවැසි බැවින් තමන්ට රැකියාවකට හෝ යෑමට හැකියාවක් නොමැති බවත්, කවුරුන් හෝ ලබාදෙන දෙයකින් දෛනික ආහාර වේල සපයා ගන්නා බවත් පියසිරි මහතා පැවසීය.
අඩක් වැඩ නිමකළ නිවසේ කාමරයක තමන් සහ බිරිඳ ජීවත් වන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම අසරණ යුවළට උපකාර කළ හැකි අයෙකු වෙතොත් ආර්.එම්. පියසිරි රත්නායක නමින් ලංකා බැංකුවේ හබරණ ශාඛාවේ පවතින 77191400 දරන ගිණුමට ආධාර මුදල් බැරකළ හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 071- 0918792 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

