2018-2020 කාලයේදී චීනයෙන් බිලියන 44ක ආධාර
2018 – 2020 කාලය තුළදී ශ්‍රී ලංකාවට චීන යුවාන් බිලියන 2 ක (රුපියල් බිලියන 44.32) ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැවසීය. චීනය මේ වසරේදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යපෘති සඳහා චීන යුවාන් මිලියන 400 ක ආධාර මුදලක් ලබාදීමටද නියමිතය.
අද (16දා) සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් ෂී ජින්පිං මහතා මේ බව පැවැසීය.
එසේම ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සංහිදියාව සහ ආර්ථික සංවර්ධනය සඳහා පූර්ණ සහය ලබා දීමට චීනය ක්‍රියාකරන බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘතීන් සඳහා චීනයේ සහයෝගය ලබා දීම සම්බන්ධව නිරන්තර සංවාදයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ද චීන ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇත.
කර්මාන්ත කලාප, ආර්ථික කවුළු, ගුවන් හා නාවුක සේවා, සංචාරක ආදී ක්ෂේත්රයන් තුළ චීන – ශ්‍රී ලංකා සම්බන්ධතා තව තවත් පුළුල් කිරීමේ ඉඩකඩ පිළිබඳව ද ෂී ජින්පිං මහතා අදහස් දැක්වා තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සහ ආයෝජනයන් සඳහා චීනය ලබා දෙන සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍යව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීනය ස්තූතිය පිරිනමා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

