සබරගමුව විශ්වවිද්‍යාලයීය 06 වැනි විද්වත් සමුළුව මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී අද (03දා) ආරම්භ විය. ඒ අනුව එළඹෙන 05 වැනිදා දක්වා පැවැත්වෙන මෙම අන්තර්ජාතික සමුළුවට විදේශීය පර්යේෂකයන් 15ක් හා දේශීය පර්යේෂකයන් 150ක් පමණ සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රධාන අරාධිතයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කළණමදුවගේ මහතා සහභාගි විය. විදේශීය ආරාධිත දේශකයන් ලෙස ඔස්ට්‍රේලියාවේ ජෙරම්බුල්ජන්ස්, කැනඩවේ රසල්ඩොඩ්ස් යන මහාචාර්යවරුන් සහභාගි වූ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය එච්.ඩී. ලක්ෂ්මන් මහතාද විශේෂ ආරධිතයෙකු ලෙස එම අවස්ථාවට එක්විය.
බෙලිහුල්ඔය - එස්. රත්නායක