saravita-anim2

2025 ජුනි මස 28 වන සෙනසුරාදා

2025 ජුනි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 2621 hours ago

LATEST

රුසියානුවාගේ කාමරයට පැන ලක්ෂ තුනක් සොරාගෙන සුද්දිගේ ගවුමක් ඇදගෙන පලාගිහින්

calendar_today 2023 නොවැ 05 - 20:47 remove_red_eye - 880  

රුසියන් ජාතික යුවලක් නවාතැන් ගෙන සිටී හෝටල් කාමරයකට රිංගා ඇමරිකන් ඩොලර් 200 ක්, රුපියල් 96,000 ක්,වටිනා ජංගම දුරකථනයක් ඇතුළු දේපල සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උතුර පොලිසිය පවසයි .

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල බත්ගොඩ දී අද පස්වරු 6. 00 ට පමණ පස්කන්දක් ගල් පර්වත හා ගස් සමග කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිරයි වී ඇති බවත් නිවාස පහක පදිංචිකරුවන් ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ කේ ජේ ප්‍රියංගනී මහත්මිය පැවැසුවාය.

Read More

ව්‍යාජ තොරතුරු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80 ක් ලබා ගෙන තැරැව්කරුවෙකු විසින් කූඨ ලෙස සකස් කර දුන් ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉතාලිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කාන්තාවක සහ තරුණයෙකු 11/05 දින උදෑසන ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

අලුත්ගම කාලවිල පැණිබැඳීමුල්ල, දන්වත්තගොඩ ප්‍රදේශයේ නිවෙසක දී (4) පස්වරුවේ අඹුසැමියන් ලෙස ජීවත්ව සිටි සැමියා සිය බිරිඳ ඝාතනයකර ඇති අතර ඔහුගේ සිරුර ද නිවසේ වහලයේ එල්ලෙමින් තිබියදි සොයාගත් බව අලූත්ගම පොලිසිය කිය.

Read More

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රීරෝද රථයකට නැගි පුද්ගලයෙකු එහි රියදුරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකොට භිය ගන්වා ත්‍රිරෝද රථය කොල්ල කා පළායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

Read More

සීනි සඳහා අය කරන බද්ද වෙනස් කිරීම තුළ විශාල වංචාවක් සිදුවූ බවත් ශත 25ට තිබූ බද්ද රුපියල් 50ක් කළ බවත් එසේ බද්ද වැඩි කිරීමට පෙර මෙට්‍රික් ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරිම නිසා රජයට කෝටි 100ක බදු ආදායම පාඩු වී ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මොනරාගල පොලිස් වසමට අයත් ඉත්තෑකටුව ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් සිරුරට ගිනිඇවිලීමෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාරලබමින් සිටියදී අද (05දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල මාරාව ඉත්තෑකටුව පදිංචි බී.ආර් පුංචිමැණිකා (83) නැමති තිදරු මවකි.

Read More

කුරුණෑගල ඓතිහාසික රාජධානියට අයත් බව කියන රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උසස් නිලධාරියෙකුට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු ලෙසට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තාවේ.

Read More

විහාරමහා දේවි උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

Read More

මාතලේ දිස්ත්‍රික්කේ සරණක් නොමැති පාසල් ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඇතිකිරීම සඳහා මාතලේ වාරියපොල උගුරැස්ස වත්ත ප්‍රදේශයේ පවතින රුපියල් කෝටියක් පමණ වටිනා අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 40 ක ඉඩමක් මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය වෙත පරිත්‍යාග කිරීමට ඩබ්ලිව් ජී පද්මලතා මහත්මිය ඇතුළු දූ දරුවන් කටයුතු කළේය.

Read More

පාසල් දැරියක ලැගුම්හලකට කැටුව ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් බාලවස්කාර අයවලුන්ට කාමර කුලියට දුන් කළමනාකරු සහ ස්ත්‍රී දූෂණය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

Read More

එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

සිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් කාමරයක රදවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරිම සම්බන්ධයෙන් කළමනාකරු අත්අඩංගුවට ගත්බවත්, ප්‍රදේශයෙන් පලාගොස් සිටින පෙම්වතා සොයා පරීක්ෂණ සිදුකරන බවත් අගලවත්ත පොලිසිය පවසයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු වල නිරතව සිටි දුම්රිය නිලධාරීන් පිරිසක් මතට දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටි ගල්කුට්ටි කීපයක් හදිසියේ කඩා වැටීමෙන් ඊට යටවු බණ්ඩාරවෙල දුම්රිය මාර්ග කොට්ඨාසයේ දුම්රිය නිලධාරීන් පස්දෙනෙකු ඊයේ (4) පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) දැනුවත් කිරීමට ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ අතර, ඒ සදහා පත් කළ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහතිකය අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර තිබුණි. ICC හි එම ප්‍රතිචාරයට අමාත්‍යවරයා පවසා සිටියේ ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීම’ ලෙස යි.

Read More

ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩාව තුළ මේ වන විට පුද්ගලිකත්වය මතු වී ඇති බවත් මේ තත්ත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට පුද්ගලික වාදභේදවලින් තොරව නැවතත් නැගි සිටිය යුතු බවත් ඒ සඳහා හොද අවබෝධයක් ඇති ශූරයන්ට වීරයන්ට එම වගකීම බාර දී දේශපාලන ඇගිලිගැසීම්වලින් තොර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

Read More

ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බවත්, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික වී තිබේ.

Read More

ලෝක බැංකු ආධාර යටතේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක් මඟින් පළාත් නවයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවෙන් බිලියන නවයක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

Read More

ශීත ඍතුව ස්විට්සර්ලන්තය වෙත උදා වීමත් සමග එරට වැසියන් 221 දෙනෙකු රැගෙන මංගල කුළී ගමන් ගුවන් යානය ( Charter Flight ) 11/03 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

යුරෝපය පුරා එළඹෙමින් පවතින ශීත ඍතුවත් සමග පෝලන්තයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ආරම්භ කරමින්, ප්‍රථම ගුවන් යානය 11/03 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හා තේරීම් කමිටුවේ හැසිරීම අනුව 2040 වසරේදී හෝ ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි තරමේ දුර්දාන්ත තත්ත්වයෙන් සිටින බව අවධාරණය කරන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ මොහොතේ ජයග්‍රහණය කළ හැකි ප්‍රබල කණ්ඩායමක් අප සතුව තිබියදී , ඔවුන්ට අත්‍යාවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබා නොදී, ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් මෙහි විධායක කමිටුව විසින් තම පෞද්ගලික සුඛවිහ

Read More

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘතකර ඇති බැවින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචි කරුවන් හා ගඟ පරිහරනය කරන අය ප්‍ර වේශම් විය යුතු බව හම්බන්තොට වාරි මාර් ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කලාය.

Read More

සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මිහින්තලේ කනදරාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද (3 දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද දිනයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තු පවසයි.

Read More

මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු අද (02) සවස කටයුතු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.