දැනට මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150ක් එම සමාගම ට පැවරීමට නියමිත අතර තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ඔවුන් විසින් ස්ථාපනය කිරීමට නියමිතය.
ගුවන් හමුදාවේ හිටපු සෙබළකු තම ත්‍රි රෝද රථය කිලෝ මිටර් 72 ක් අඩුම කාලයකින් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබිම සදහා උත්සහයක නිරත වි 26 දින සිදුවිය.
Read Moreඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබා දීම 2024 අයවැය යෝජනාවකි.
Read Moreදැඩි වියළි කාලගුණික තත්ත්වය හා මේ දිනවල අලුයම් කාලයේ පවතින සීතල හේතුවෙන් උඩරට එළවළු වගා බිම් රැසක් විනාශවීමේ අවදානමට ලක්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.
Read Moreමැදවච්චිය, ලුණුපැහිච්චාව ගම්මානයේ සිව් දරු පියෙකු පොලිස් ස්ථානාධිපතිවරයෙකුගෙන් හිරි හැර යැයි පවසා ලිපියක් ලියා සිය දිවි හානි කරගෙන ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පී.චන්දනසිරි නැමිති ලුණුපැහිච්චාව ගම්මානයේ පදිංචි ගොවිමහතකි.
Read Moreකරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුර පාර පදේශයේ නිවසක් තුළ අද (26)උදේ සිදුවූ වෙඩි තැබීමකින් කරන්දෙණිය ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.
Read More2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
Read Moreමියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවස තුල තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා සමග සිටී කාන්තාවක දොරවල් කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreදීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු හා යුක්රේන ජාතිකයන්ට දින 14ක කාලයක් තුළදී රටින් පිටවන ලෙස දැනුම් දෙන්නැයි ආගමන විගමන පාලක විසින් සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මීට දින කිහිපයකට පෙරාතුව ලිඛිතව දන්නා තිබුණි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂන් ඔස්ට්‍රේලියවේ පුරවැසිභාවය ලබාගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අදාළව පසුගිය 24 දා පැවැති උත්සවයකදී ඔහු මෙසේ එරට පුරවැසිභාවය ලබාගෙන තිබේ.
Read More2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇතැයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.
Read More’’ අතීතය තුල රටෙහි සිදුවීම් සැලකීමේදී ජනතාව කනාමැදිරි එළියටත් බිය තත්ත්වයක් ඇති නිසා අපෙන් අහනව , අපි ඔබ විශ්වාස කරන්නේ කෙසේද කියා. අපි ඔබට එක සහතිකයක් දෙනව. ඔබ අපි කෙරෙහි තබන විශ්වාසය , අබමල් රේණුවකින්වත් හානිවීමට ඉඩ නොතබන බවට අපි සහතික වෙනවා’’ යැයි ජාතික ජනබල වේගය නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ගම්පහදී සදහන් කළේය.
Read Moreරාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම් 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreසමගි ජන බලවේගය ප්‍රතිචාර දක්වන්නේ වෙනත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන කරුණු කාරණාවලට නොව රට බංකොලොත් වීමත් සමඟ මෙරට කාන්තාවන් ප්රමුඛ ජන සමාජයේ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවන බරපතල ඛේදනීය තත්ත්වයට උත්තර සහ විසඳුම ලබා දීම සදහා බවත් බොහෝ දෙනකුට කාන්තාව අමතක වී ඇති මොහොතක කාන්තා ප්රඥප්තියක් සකස් කිරිමට යොමු වූයේ අද ඊයේ නොව 2019 වසරේ බවත් මේ එහි දිගුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreහෘදය වස්තුවේ සිදුරක සැත්කමක් සඳහා සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුලත් කල තම දියණිය මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බව ඇයගේ පියා වන උපුල් ප්‍රියන්ත මහතා පවසයි.
Read Moreජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයකින් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.
Read Moreකොළඹ වරායේ නවතා තිබූ නැවකට පැටවූ හිස් බහාලුමක (Container )සැගවී මැලේසියාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු , චීනයේ දී අත් අඩංගුවට පත් වී වසරකට පසුව එරටින් පිටුවහල් කර 02/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreහම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවත්, එය නැගෙනහිර චීනයේ චොංකිං වරාය දක්වා සහ අප්‍රිකාව දක්වා තවදුරටත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට හම්බන්තොට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රවීණ ධාවන ශූරයින් දෙදෙනෙකු වන ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා 2024 වර්ෂයේ රටවල් හයක පැවැත්වෙන මෙවර GT 2 යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩා ලෝලින්ගේ සහයෝගය ඉල්ලා සිටී.
Read Moreහෙට දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලිකෙ වෙන්සක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරාත්‍රි කාලයේ නිවසක්් ආසන්නයට පැමිණි අඩි දහයක් පමණ දිගැති විශාල කිඔුලෙකු ,මීගලෑව වනජීවි නිලධාරීන් විසින් පොල්පිතිගම රක්වාන ප්‍රදේශයේ දී අල්ලා ගත් බව මීගලෑව වනජීවි කාර්යාලය පවසයි.
Read Moreඅංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබා සුවවී ඇතැයි කියා ආපසු නිවසට පැමිණ සිටි පුතෙකු විසින් එල්ල කරන ලද පොරෝ පහරකින් බරපතල තුවාල ලැබූ පියෙක් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය කියයි.
Read Moreඅනුර කුමාර දිසානායක සිහිනෙන් මේ රටේ ජනාධිපති වි ඇති බව ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පැවසිය.
Read More අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ඉහළ පෙලේ කමිටුවක්... සති දෙකකට වරක් ප්‍රගතිය ලබා දෙන්නැයි ඇමතිවරයාගෙන් උපදෙස්... කැබිනට් පත්‍රිකා සදහා නිවැරදි තොරතුරු ලබා නොදෙන නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග...
Read Moreයුද සමයෙන් පසු නැගෙනහිර පළාතේ ඉඩම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමැතිවරණ පැවැත්වීම පිළිබඳව ද මෙහිදී කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයේ ආචාරධර්ම සංග්‍රහය කඩකිරීම් අනුව මාස 24ක් තුළ සෘණාත්මක ලකුණු 5ක් රැස්කර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකවෙිස්සයි 20 නායක වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග දෙකක තහනමක් පනවා තිබේ.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම වන අතර නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා ඒහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read More