Gymnothorax polyuranodon යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ’ගංගල්ගුල්ලා’ (Freshwater Moray) මත්ස්‍ය විශේෂය වසර 84කට පසු මෙරටින් වාර්තා වී තිබේ.
පාන් 25%කින් සහ කේක් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන අළෙවිය 50%කින් පහත වැටී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් යානා 02/27 දින අවලංගු වීම සහ ප්‍රමාද වීම් වලට ලක් වීම නිසා ගුවන් මගීන් පත් වී ඇති අපහසුතා පිළිබඳ සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා සිය කනගාටුව පළ කළේය.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේබද්දේගම අන්තර් හුවමාරුව ආසන්නයේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනකු ඒම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක ගැටීම හේතුවෙන් තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (27) පෙරවරු 11.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තත්ත්වයේ සිටි මොවුන්ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
Read Moreපැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ගැනීමට පුද්ගලයෙකු පොලීසියට කැඳවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඔහුට දැනුම් දෙන විධිවිධාන අඩංගු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (27) පොරොන්දු විය.
Read Moreවත්මන් රජයේඇමැති ධූර රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් සුළු පිරිසක්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතුබවට මත පළ කළත්එය පක්ෂයේ මතය නොවන බවත්ඡන්දය ප්‍රකාශයට පත් කළ පසුපොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .
Read Moreබත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Read Moreමාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුරපොල තුලදී පොලිස් සැරයන් වරයෙකු අද (27) සවස ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන දිවි හානිකරගෙන ඇතැයි කොටවින පොලීසිය පවසයි.
Read Moreවාලච්චේන කඩදාසි කම්හල වැසෙන තත්ත්වයට පත්වුවහොත්වි කිණීම වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බැවින් ඒ සදහා කාරක සභාවේ නිර්දේශය මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශවලටත් ජනාධිපතිවරයාටත් යොමු කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreමීට මාස තුනකට පමණ පෙර මෙම කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇය ඒ වන විටත් 44 හැවිරිදි දෙදරු මවකි. මෙම කාන්තාවගේ 3 වන දරුවා ලෙස මෙම බිලිඳා බිහිවී ඇතත් තමන්ගේ කුසතුල දරුවෙකු පිළිසිඳ ගෙන ඇතිබව තමන් නොදන්නා බවත් ,සිද්ධිය වූ අවස්ථාවේ තමාට වැසිකිළි යාමේ අවශ්‍යතාවයක් ඇතිවූ නිසා වැසිකිලියට ගිය විටදී තම කුස තුලින් බිළිඳෙකු බිහිවී බිමට වැටුණු බවත් ඇය පොලිසියට පවසා ඇත.
Read Moreමේ දිනවල මාදු ගගේ කකුළුවන් කිලෝග්‍රෑම් එකක් රුපියල් දොළොස් දහසකට අලෙවි වන බව මාදු ගගේ ධීවරයෝ කියති. සිය රැකියා ඉතිහාසයේ මේ තරම් ඉහළ මිලකට කකළුවන් කිලෝග්‍රෑම් එකක් අලෙවි නොවූ බවද ඔවුහු කියති.
Read Moreඑහෙත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසූවේ එම ගුවන් යානා සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි . එසේම එම ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව ද තමන් දැනුවත් කර නොමැති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය .
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කථානායක වරයාවෙත සිය ඉල්ලා අස්වීමේ ලපිය යොමුකරමින් ඔහු වැඩිදුරටත් මේසේ සඳහන් කර ඇත.
Read Moreකරන්දෙණිය කුරුදුගහහැතැප්ම් දිවිතුරගමදී නාදුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ(27)ජිවිතක්ෂයට පත්වූ කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ ඝාතකයන් හදුනා ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මේ වනවිට යොදවා ඇති බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්ලය කියයි.
Read Moreමෙම තත්වයන් මත 27වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 18කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 15කින්ද පහල බැස ඇති බවත්ය.
Read Moreහෝමාගම සති පොළෙහි වෙළඳාම් කරමින් සිටි පළතුරු වෙළෙන්දෙකු එක්වරම බිම ඇද වැටී සිදුවූ අසාත්මික තාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (26) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් භාෂික් නමැත්තාගේ පුතෙකු වන නදීන් භාෂික් නැමැත්තාට අයත් බව කියන වැල්ලවත්ත රාම ක්රිෂ්ණ මාවතේ හෝටලයක් ඉලක්කකර අද (27) අලුයම වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් 02/27 දින සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ( Flight Information ) ප්‍රකාශිකාවක පැවසුවාය.
Read Moreආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචියට සුදුසුකම් ලත් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් තිස් දෙදෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතික ප්රදානය කිරීමේ උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්න දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී (26) දා පැවැත්වුණි.
Read Moreකඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න දෛනික වැටුපට සීමා නොකළ යුතු බවත් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා නිවාස, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා යටිතල පහසුකම් යන සෑම ක්ෂේත්රයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතු බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවවරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreපරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තව සතියකින් හෝ දෙකකින් දිවයිනට පැමිණෙනු ඇති බවත් ඉන් අනතුරුව පක්ෂයේ සංවිධාන කටයුතු ආරම්භ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreරථවාහන වරදක් සමතයකට පත්කර දීමට රුපියල් දස දහසක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අද (26) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිළධාරීන් භාරයට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
Read Moreනව පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreඋල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන හෙයින් අද (26) පස්වරුවේ උල්හිටියරත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක් මීටර් 0.1 බැගින් විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එය හෙට දිනයේ සිට ලබන 12 දා තෙක් තවාකාලිකව වසා දැමීමට සිදුවන බව ග්‍රහලෝකාගාරය නිවේදනය කරයි.
Read Moreවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ කනිෂ්ඨ විද්‍යාලයට පරිත්‍යාග කරන ලද රුපියල් ලක්ෂයක (100000/=) මුදල කාර්යාලය බිඳ සොරාගෙන ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. ඉකුත් 23 වෙනි දින විපක්ෂ නායකවරයා සක්වල වැඩසටහන යටතේ එම විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මුදල පරිත්‍යාග කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
Read More“උරුමය” ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
Read Moreඅනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්‍රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පෝයස්ථාන පොලිසිය පවසයි
Read More