ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි සැලක හිමිකරුවකු ඉලක්ක කරගෙන සිදුකළ වෙඩි ප්‍රහාරයට වෙඩික්කරු රැගෙන යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඉතාලි තානාපති කාර්යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් මුලාකොට එරට රැකියා ලබාදෙන බව පවසමින් ලක්ෂ 26 ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කර තිබේ. ඒ මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශ කළේය.
Read Moreදෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට ත්‍රීරෝද රථයක් මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.
Read Moreදිවයිනේ ප්‍රමුඛතම ජනප්‍රිය ජාතික පාසල් 50 ක ජුනි 30 දිනට ඇතිවන පුරප්පාඩු සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවා තිබේ.
Read Moreකරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සදහා පැමිණියේ යයි සැකකෙරෙන යතුරු පැදිය ඌරගස්මංහන්දිය මහ ඌරගහ රන්තොටුවිල පදේශයේ පාලු ස්ථානයක ගිනි දමා තිබියදී අද (29) දහවල් සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
Read Moreමාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකිරිමට නියමිතව තිබේ. එහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කර ඇති අයෝජකයෙක් තෝරා ගැනීමට වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.
Read Moreඅධිවේගී මාර්ග පද්ධතිය තුළ මෙම වසරේ ගෙවුණු මාස දෙකට සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇතැයි අධිවේගී කොට්ඨාස රථ වාහන පොලීසිය කියයි. එකී මරණ නවය අනතුරු හතකින් සිදුවී ඇත
Read Moreකුලී මුදල් ලබා ගැනීමේ අරමුණින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීමට සම්බන්ධ වන පිරිස් දිවයිනේ යම් යම් ප්‍රදේශවල සැඟව සිටින වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Read Moreකොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියන තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලූ ප්රරසිද්ධ රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ලබන මස 06 වැනිදා තෙක් අත් අඩංගුවට නොගන්නා ලෙස රහස් පොලීසියට නියම කළ කොටුව මහේස්ත්රාමත් තිළිණ ගමගේ මහතා එදින අධිකකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කළේය.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreහිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් නැමැත්තා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට ඒරට මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreපොලිස්පති ධුරයට පත්කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මූලස්ථානයේදී මෙම රාජකාරී භාර ගැනීම සිදුකිරීමට නියමිතය.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ අලුත උපන් දරු උපත් වසර පහක් තුළ 2983 කින් අඩුවී ඇතැයි කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනෙත් ශ්‍රී සුදර්ශන මහතා පැවසීය.ක
Read Moreඅනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා 2024 පෙබරවාරි මස 26 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් නව වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) ගාල්ලේ දී පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙහිදී ඇෆ්ගනිස්ථානය සමගින් පැවැති විස්සයි20 තරගාවලියේ තෙවැනි තරගයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිශ්ශංකට කණ්ඩායමේ ස්ථානය අහිමී ඇති අතර ඔහු වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreඅපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා රටින් පිටවීම සම්බන්ධව මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා පවසන්නේ මේ සම්බන්ධව නිසි පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම තර්ජනය කර දුන් ඇමතුම් සම්බන්ධ පරීක්ෂන කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Read Moreකාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලය විසින් ඇතැම් ප්‍ර දේශවලට මේ වන විට නොදන්වා විදුලිය විසන්ධි කරන බව වාර්තා වෙයි. මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව තිබේ. මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විදුලිය සඳහා ඇති ඉල්ලුමද ඉහළ ගොස් තිබේ.
Read Moreරථවාහන නඩුවක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් නැවත හිමිකරු වෙත ලබා දීමට හා නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් 10000/= අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreකැනඩාවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂ 65 කට අධික මුදලක් වංචා කර වසර 8 කට අධික කාලයක් විදේශගතව සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
Read Moreමේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.
Read Moreප්‍රදානයක් ලෙස ලැබුනු මෙම ඉන්ධන කොගය මෙරට මුදලින් රුපියල් බිලියන 12 ක වටිනාකමකින් යුක්ත වන අතර එය වසර දෙකකට ප්‍රමාණවත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreඑමෙන්ම මේ සඳහා ජනතාවගේ දායකත්වය ද අපේක්ෂා කරන අතර විපතට පත් දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතන හරහා ලබා දීමට නියමිතය.
Read Moreපාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඉකුත් 14 වනදා සිය පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත.
Read More2023 වසරේ ජනවාරි 01 වන දින සිට අගෝස්තු 30 දක්වා කාල සීමාව තුළ මෙරට සමස්ත බලශක්ති නිෂ්පාදනය 4.5%කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවක් මගින් විගණනයට සඳහන් කර ඇත.
Read Moreසීමා සහිත ශ්‍රී ලංකා නැව් සංස්ථාව විසින් විධිමත් අනුමැතියකින් තොරව එහි සේවකයන් සඳහා 2022 වසරේ මාර්තු 01 වන දා සිට දෙසැම්බර් 31 දක්වා සංග්‍රහ දීමනාව, ප්‍රවාහන දීමනාව හා පැමිණීමේ දිරි දීමනා වශයෙන් රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂ නව දහස් හයසිය හැත්තෑ තුනක (15209673) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 24 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. නැව් සංස්ථාව සම්පූර්ණයෙන්ම රජය සතු ආයතනයක් වන අතර රාජ්‍ය ව්‍යාපාර චක්‍ර ලේඛනවලට අනුගතව
Read Moreපසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය වඩාත් ඉහළ ගොස් ඇති බවත්,ඒ අතරිනුත් පාසැල් දරුවන් අතරින් කෘශ බව වැඩි දරුවන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,විශේෂඥ වෛද්‍ය ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.
Read More