යාපනය දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කරන දෙමුහුම් බලශක්ති ව්‍යපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම ඊයේ (01දා) උදෑසන සිදු කරනු ලැබුණි.
රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreගෘහ සේවය සඳහා මෙරටින් සෞදි අරාබියාවට ගිය කාන්තාවන් සිව් දෙනෙකුට සෞදි අරාබියාවේ රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් රැඳී සිටියද එම අයට විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති.
Read Moreරුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේ මෙන්ම පෙබරවාරි මාසයේදීත් මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවා තිබේ. ඒ් අනුව පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 218 350කි.
Read Moreකිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ අද දින (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
Read Moreඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර 03/01 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .
Read Moreකාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වැනිදා පෙ.ව 10.30 ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Read Moreක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ පැවති ක්‍රිඩා ආයතන තුනක කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලතල ඒ මහතා විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබේ.
Read Moreබදුල්ල සිට කොළඹ බලා අද 29 රාත්‍රී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී විසිදෙක හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
Read Moreමධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවති.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේදී පැවැතිවීමට නියමිත විස්සයි20 තරගාවලිය සඳහා නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබේ.
Read Moreපවතින අධික රස්නය, සහ වැට් බදු වැඩිවීම හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇතැයි රත්නායක මහතා කියා සිටි.
Read Moreතොග වෙළද පොලවල් තුල එලවලු තොග මිල විශාල ලෙස අඩු වි තිබුණත් සිල්ලර වෙළදුන් තොග මිල මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි මිලකට එලවලු හා මිරිස් අලෙවි කරමින් තිබෙන පාරිභොගික ජනතාව සදහන් කරති.
Read Moreජනවාරි මාසයේදී ශ්රීි ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වුවානම් වැඩිහිටියන්ගෙන් සියයට 40ක් ජාතික ජන බලවේගය සමගින් සිටින බව සෞඛය ප්රමතිපත්ති ආයතනය කළ සමීක්ෂණයකින් පෙන්වා දෙයි.
Read Moreරුහුණු විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමියෙකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය නිමිත්තෙන් දකුණු පළාත් ආන්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා විසින් අද ( 01දා) දින දකුණු පළාත තුළ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන කථානායකවරයකු සභාපතිත්වය දරන සභාවක සිටීමෙන් පලක් තිබේද යන්න සිතා බැලිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreමම තරම් නින්දා අපහාසවලට, පහර කෑම්වලට ලක්වෙච්ච පොලිස් නිලධාරියෙකු පොලිස් සේවය තුළ ඉන්නවද කියලා ඉතිහාසය පිරික්සලා බලන්න. මට කරපු අභූත චෝදනා, නින්දා අපහාසවලින් තමයි මම ශක්තිමත්ව නැගී සිටියේ.
Read Moreබාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද (29) වරෙන්තු නිකුත් කළාය.
Read Moreදැන් අපි අන්තර් ජාතික මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමකට එළඹිලා තියෙතනවා.අපි ආදායම් බදු වශයෙන් එකතු කරගන්නා මුදල තමයි වියදම් කරන්න පුළුවන්. ඉස්සර වගේ සල්ලි අච්චු ගහන්න බැහැ.ඉස්සර වගේ වියදම් කරන්න බැහැ. කොයි ආණ්ඩුව ආවත් ඒ අය ඔය කියන කියන සෙල්ලම් කරන්න බැහැ.
Read Moreමියන්මාරයේ මියාවඩි ප්‍රදේශයේ ත්‍රස්ත කල්ලියකගේ ග්‍රහණය යටතේ සිටින මෙරට තරුණයන් 56 දෙනා බේරා ගැනීම සඳහා ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ විශේෂ සංදේශයක් රැගෙන මියන්මාරය බලා යාමට බලාපොරොත්තු වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.
Read Moreපාසැල් පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන්අධ්යාපන අමාත්‍යාංශයේ ලෙකම් වසන්තා පෙරේරා මහතා පෙරේරා මහත්මිය විසින් උපදෙස් නිකුත් කර තිබේ.
Read Moreමෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය.
Read Moreනව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙලීම ආරම්භ කිරීමත් සමඟ වී අස්වැන්න නෙළන භූතයා,සුනාමිය, සහ කොළ මඩින යන්ත්‍ර වලට අය කරන මුදල සීග්‍රයෙන් මෙම කන්නේ ඉහළ දැමීම නිසා ගොවීන් සිය අස්වනු නෙළා ගැනීම නිසාව දැඩි බාධා එල්ල වී ඇතැයි පවසති.
Read Moreමත්පැන් පානය කර යතුරුපැදියක් පදවා පොලිස් නිලධාරීන් දෙදෙනකුට සාපරාදී බලහත්කාරය පෑ හිටපු යුද හමුදා සෙබලියන් දෙදෙනෙකුඅත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි’
Read Moreපොලීසිය සැක කරන්නේ මෙම යතුරුපැදිය පසුගිය දින කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයට හෝ අපරාධයක් සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියක් මෙලෙස ගිනිතබා විනාශ කරන්නට ඇති බවයි.
Read Moreචීන සහ ඇමරිකානු ආර්ථික හා වෙළඳ සහයෝගිතා ශක්තිමත් කිරීම දෙරටටම ප්රතිලාභ රැගෙන එන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ ඇමරිකානු වාණිජ මණ්ඩල සභාපතිනි සුසෑන් පී. ක්ලාක් මහත්මිය ප්රමුඛ නියෝජිත පිරිස ඊයේ (28) බෙයිජිං අගනුවර දී හමු වූ අවස්ථාවේ ය.
Read Moreකොරියාවේ රැකියාවක් ලබා දෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබා ගෙන වංචාවක් සිදු කල ධීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කල බව තඹුත්තේගම මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreපසුගිය පෙබරවාරි 27වැනිදා අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ දේහය කොළඹ 03 චාල්ස් ඩ්‍රයිවු අංක 02 ස්ථානයේ පිහිටි නිවසේ 29දා පස්වරු 02 දක්වා තැන්පත් කර තිබේ.
Read More