කමිඳු හා වැන්ඩසේගේ අද එංගලන්තයට
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වූ කමිඳු මෙන්ඩිස් හා ජෙෆ්රි වැන්ඩසේ අද (14දා) එංගලන්තය බලා පිටත් වීමට නියමිත බව, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉහළ නිලධාරියෙකු පැවසීය. එලඹෙන එංගලන්ත ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගි වීමට නියමිතව සිටින මෙම ක්‍රීඩකයන් දෙදෙනාට වීසා ප්‍රමාදයක් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එංගලන්තය බලා පිටත්වීමට නොහැකි විය. තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා (11දා) එංගලන්තය බලා පිටත් විය.
එහිදී දකුණත් දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ ප්‍රමාද වී සංචිතයට කැඳවීම නිසා ඔහුගේ වීසා අයදුම්පත යොමු කිරීම පමා කිරීම සිදුවුවත්, කමිඳුගේ අයදුම්පත ප්‍රධාන සංචිතයේ අනෙක් අයදුම්පත් සමගින් භාර දීමට කටයුතු කර තිබියදීත් ඔහුගේ වීසා ප්‍රමාද වීම ගැටලුසහගතය. කමිඳු සංචිතයේ ප්‍රධාන මැදපෙළ පිතිකරුවෙකු මෙන්ම, අතිරේක දඟපන්දුයවන්නෙකු ලෙසින්ද ක්‍රීඩා කිරීමට නියමිතය
කෙසේ වෙතත් වැන්ඩසේගේ වීසා මේ වන විට නිකුත්වී ඇති බවත්, කමිඳුගේ වීසා අද (14දා) උදෑසන ලැබීමට නියමිත බවත්, අදාළ ඉහළ නිළධාරියා තහවුරු කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද (14දා) පුහුණු තරගයකටද සහභාගී වීමට නියමිතය.
තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන අගෝස්තු 21 වැනිදා ආරම්භ වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

