බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
Read Moreකළුතර දකුණ දුම්රිය ස්ථානය අසල හැඩල් ලොක්කර නවතා තබන යතුරුපැදි සූක්ෂම ලෙස කලක පටන් සොරකම් කල පුද්ගලයකු යතුරුපැදි හතරක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
Read Moreකොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
Read Moreතිරප්පනේ උලගල්ල වැවේ සිටි අග්බෝ ඇතා ඩ්‍රෝන කැමරාවක් යොදා අවසරයකින් තොරව රූපගත කරමින් සිටි තරුණයකු පෙරේදා (13දා) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය සඳහන් කරයි.
Read Moreතර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) නියෝග කලේය.
Read Moreපසුගියදා ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයකට ලැබිය හැකි ඉහලම සාමාර්ථය වන ඒ සාමාර්ථ 25 ක් සහ බී සාමාර්ථ දෙකක් හිමි කර ගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලද තවත් නිවුන් සොයුරන් තිදෙනෙකු හබරාදූව කටුකුරුන්ද ධාර්මික මහා විදුහලේ සිටිති.
Read Moreසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.
Read Moreභාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශනයේ ජා- ඇල මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය .
Read Moreකොළඹ ජාතික අක්ෂි රෝහලේ අද දින (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.
Read Moreදිනපතා සිදුවන මරණ 40ත් 50ත් අතර ප්‍රමාණයකට හේතු වී ඇත්තේ මද්‍යසාර බවට පැහැදිවම තහවුරු වී තිබියදී, මෙවර අයවැයෙන් මද්‍යසාර පරිභෝජනය ඉහළ දැමීමට අදාළ යෝජන ඉදිරිපත් කර තිබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරුතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreරුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඊයේ දින (2023.12.13) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපවතින වර්ෂාවත් සමඟ කොස්ලන්ද කැලිපනාවෙල අස්වැද්දුම කොටබක්ම ප්‍රදේශයේ නාය යාමෙන් පවුල් 116ක සාමාජිකයන් 311ක් විපතට පත්ව නිවාස 13 ක් විනාශ වී ගොස් ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (14) පැවසීය .
Read Moreඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් සොරා ගත් චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය 12/13 දින රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .
Read Moreසමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන ආගමික වැරදි විමර්ශනය සඳහා ඒකකයක් පිහිටුවීමට වැඩබලල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබේ.
Read Moreප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට රජයේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධ බවට තොරතුරු පෙනෙන්නට ඇතැයි කී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔවුන් කුමන ආයතනයක කුමන තරාතිරමකට අයත් වුවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට ඊයේ (13) නියම කළාය.
Read Moreඅද (13) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.
Read Moreයතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී ඊයේ (12) දහවල් කායවර්ධන උපදේශෙවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
Read Moreසෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.
Read Moreඅයවැය තෙවැනිවර කියැවීම වැඩි ඡන්ද 41කින් මීට සුළු මොහොතකට පෙර සම්මත විය. මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 81ක් ලැබුණි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයවීමක් විමක් හෙට (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read More2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 දක්වා ළඟා වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනයන්ට අනුව පුරෝකථනය කර ඇත.
Read Moreඝාතනයට ලක් වූ පාතාල නායකයකු වන සොත්ති උපාලි නමැත්තාගේ පුත්‍රයා රුපියල් ලක්ෂ 3 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රි ලංකාව වෙනුවෙන් දෙවැනි වාරිකය අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදිමේ මූලික පියවර අරන් ඇති බව ඔවුන් පිළිගෙන ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
Read Moreඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය අදියර කිහිපයක් යටතේ වසා දැමීමට නියමිත බව මහවැලි අධිකාරිය පවසයි.
Read Moreගෙවත්තක ඇද තිබූ අනවසර විදුලිය රැහැනක පැටලීමෙන් අනතුරට ලක්වූ පුද්ගලයෙකු, 12 වෙනිදා පස්වරුවේ , නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කරණ විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2024 වසරේ ජනවාරි මාසයේදී යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreතමා විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
Read More2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාප සියය අතරෙන් දිවයිනේ මුල්තැන තණමල්විල අධ්‍යාපන කලාපයට හිමිවී ඇත.
Read Moreඑළැඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට ඒ යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසී ය.
Read More