අපනයනකරුවන්ට ලැබුණ සහනය
භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම් ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වූ කාල සීමාව ලිහිල් කිරීමට ශ්රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.
සාර්ව ආර්ික වර්ධනයන්, විශශේෂශයන්ම දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන මෙම අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාලය මෙසේ ලිහිල් කර තිබේ.
මේ අනුව භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපයීම්, අවසරලත් ගෙවීම්ම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්රී ලංකා රුපියල් වලට අනිවාර්යයෙන් පරිවර්නය කිරීම සඳහා අදාළ වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුන (03)ක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන (10 වැනි) දිනය දක්වා දීර්ඝ කර ඇත.
කලින් එම කාලසිමාව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළඹෙන මාසශේ හත්වන (07 වැනි) දින අදාල ශේෂයන් ශ්රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

