අනුරාධපුර නාච්චාදූව වැවේ වාන් දොරටු හයම විවෘත කර ඇති බව නාච්චාදූව වාරිමර්ග ඉංජිනේරුවරිය පවසයි .
නැගෙනහිර ජීවත්වෙන සිංහල දෙමළ සමගිය විනාශ නොකරන ලෙසට තමන් ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුලු ද්‍රවිඩ ජාතික සන්ධානයේන් ඉල්ලා සිටින බව මඩකලපුව මංගලාරාධිපති අම්පටියේ සුමනරතන හිමියන් පැවසූහ.
Read Moreමෙරට රජයේ රෝහල් වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව විධිමත්ව, ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් පිලිබදව කරුණු සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් පසුගිය දින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
Read Moreකාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇති බවත්, ඒ අනුව කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreඅතිශයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි.
Read Moreලංකාවේ තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. හම්බන්තොට කච්චිගල්ආර ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම අත්හදා බැලීම ඊයේ (15) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreමොරටුව විශ්වවිද්‍යාලයේ නව කුලපති වශයෙන් මහාචාර්ය මොන්ටි කාසිම් මහතා පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreමෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreමෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමේ තවත් පියවරක් ලෙස ලබන වසරේ මුල සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්වයංක්‍රීයව පුද්ගලයන්ගේ මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් (AFRS) ස්තාපිත කිරීමට පියවර ගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද අම්බලන්ගොඩ දී පැවසිය.
Read Moreජාතික පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට වෙනත් ජාතික පාසල්වලටද පළාත් පාසල්වල සේවයේ නියුතු විදුහල්පති සේවයේ නිලධාරීන්ට ජාතික පාසල්වලටද 2024 වර්ෂය වෙනුවෙන් වාර්ෂි ක ස්ථාන මාරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreනැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවහය හා සම්බන්ධ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනෙ බොහෝ පළාත්වන අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 1.6කින් ධන වී ඇති බව ජන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව සතුටට පත්වන බව පැවසූ කියුබානු තානාපතිවරයා කියුබාවේ සාර්ථකව පොල්වගාව සිදුකිරීමට ශ්‍රී ලංකාවෙන් පොල් පැළ බලාපොරොත්තු වන බව සඳහන් කළේය. නුදුරේදීම කියුබාවට පොල් බීජ 200ක් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාට සහතික වූ අතර මෙරට පොල් පර්යේෂණ ආයතනයෙන් කියුබාවේ පොල් කර්මාන්තය දියුණු කිරීම සඳහා වූ විශේෂඥ දැනුම ද ලබා දීමට ද එකඟ විය.
Read Moreමෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100%ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ඔස්ටේ්‍රලියානු සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹිමට රජය කටයුතු කර ඇති බවත් එය තවත් අන්ත දුෂිත ගණුදෙනුවකට මුල පිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමි
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාධිපත්‍ය නායකයා ලෙස තවදුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය විය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක අද (15) නියලිණි
Read Moreමේ වනවිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ උල්හිටිය ජලාශයේ ජලධාරිතාව ඉහළ යන බැවින් එහි වාන් දොරටු හතම අද 15 සවස මීටර් බින්දුවයි දශම තුනක් යළිත් වතාවක් විවෘත කළ බැවින් රත්කිද කෝසුව හරහා නොයා වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවෝ රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
Read Moreමේ වසරේ දෙවන වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම 14දා රාත්‍රී සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
Read Moreමාතර පල්ලිමුල්ල සම්බෝධි මාවතේ පදිංචි මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයකුගේ නිවසට ඊෙ (14) රාත්‍රී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreදැනට පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreතරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් නැගෙනහිර, ඌව හා දකුණු පළාත් හා රත්නපුර, කළුතර, නුවරඑළිය, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreරාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසක සිදු වූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව රාගම පොලිසිය කියයි.
Read Moreකොළඹ මහ නගර සභා සීමාව තුළ තිබෙන කඩා වැටීමට ආසන්න හා අනාරක්ෂිත ලෙස පවතින ගස් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර නොමැති බව කොළඹ මහනගර සභාව සඳහන් කරයි.
Read Moreබලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
Read Moreබුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.
Read Moreකළුතර දකුණ දුම්රිය ස්ථානය අසල හැඩල් ලොක්කර නවතා තබන යතුරුපැදි සූක්ෂම ලෙස කලක පටන් සොරකම් කල පුද්ගලයකු යතුරුපැදි හතරක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .
Read Moreකොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
Read More