දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් හී ඉහළට
එංගලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව නායක ධනන්ජය ද සිල්වා ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 03කින් ඉදිරියට පැමිණ ඇත. එමෙන්ම ඔහු ටෙස්ට් ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 24 වැනි ස්ථානය දක්වා ස්ථාන 04කින් ඉදිරියට පැමිණ තිබේ.
ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හී කමිදු මෙන්ඩිස් ස්ථාන 06කින් ඉදිරියට පැමිණ මේ වන විට 20වැනි ස්ථානයේ පසුවේ.
මේ අතර අගනා පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක ස්ථාන 42කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 39 වැනි ස්ථානයේ පසුවේ.
මේ අතර ටෙස්ට් ක්‍රිකට් පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම් හී විශ්ව ප්‍රනාන්දු 31වැනි ස්ථානය දක්වා ස්ථා 13කින් ද, ලහිරු කුමාර ස්ථාන 10කින් 32 වැනි ස්ථානය දක්වාද ඉදිරියට පැමිණ තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

