saravita-anim2

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2421 hours ago

LATEST

කෝටි තුනක භාණ්ඩ තොගය කටුනායකින් පන්නන්න බැරිවෙයි

calendar_today 2023 දෙසැ 19 - 12:22 remove_red_eye - 1070  

රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග එම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු අද 19 දින අලුයම

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

Read More

මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සඳහා සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව හා දේව ආරම්භ වැඩම කරවිම මේ මස 25වන දින සිදුකරනු ඇත.

Read More

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසල්වල ලබන වසර සඳහා පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත්ව ලෙස පන්ති ආරම්භ කිරීම 2024 පෙබරවාරි 22 දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට අනිද්දා (20) සිට ලංකා සතොස සියලුම අළෙවිසැල් හරහා මිලදී ගතහැකි බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

මිහින්තලා පූජා භූමිය තුල සිදු කරන සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීම අඛණ්ඩව සිදු කල යුතු බවත් දැවැන්ත භූමි භාගයක් පුරා විසිරී ඇති ආරාම සංකීර්ණ ශිලා ලේඛන ඇතුළු පුරා විද්‍යාත්මක නටබුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනා මාන කිරීමට පැමිණෙන උවැසි උවැසියන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල්ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත්වීම නිරන්තරයෙන් ලබා දිය යුතු බව

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද පත්කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.

Read More

දෙමාපියන්ට අධික ආර්ථික බරක් පටවමින් පවත්වනු ලබන පෙර පාසල් වාර්ෂික ප්‍රසංග ඉදිරියේදී , උතුරු මැද පළාත තුල නතර කිරීම සඳහා උතුරු මැද පළාත් මුල් ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක පියවර ගෙන ඇති බවත් ඊට අදාළ චක්‍ර ලේඛය පළාතේ සියලු පෙර පාසල් සඳහා යවා ඇතැයිද වාර්තා වේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රාහාර දෙකක් එල්ල කර මාස තුනක කාලයක් ගත වුවද ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත් අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් වලට නොහැකි වී තිබේ.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ විදේශීය සිසුන් 150කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන බවත්, බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා චීනයෙන් තවත් සිසුන් පිරිසක් එක්වීමට නියමිත බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේදී පෙරේදා (16දා) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අවධාරණය කළ උපකුලපතිවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන විදේශීය සිසුන්ට අවශ්‍ය පහසුකම

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සදහා ’’ හරිත බුමුතුරුණු ’’ (Green Carpet )12/18 දින සිට හදුන්වා දීමට පියවර ගෙන තිබේ.

Read More

මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉන්දියාවේ zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ දමිළ ගායනා රියලිටි තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කිල්මිෂා (Kilmisha Yaazhisai) දියණියට හිමිවී තිබේ.

Read More

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විසින් අද (18) දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය වැය ලේඛණයට පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු දහනම දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශකර වැඩිජන්ද 9කින් පාරාජයට පත්කළහ. ඒ අනුව කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි විය.

Read More

කිරිබත්ගොඩ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18දා) අලුයම 2 . 30 ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇත.

Read More

මරඳගහමුල විශේෂිත තොඟ වෙළඳ මධ්‍යස්ථානය හෙට (19) ජනතා අයිතියට පත් පත් කිරීමෙන් පසුව එය දිනපතා පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබීමට නියමිතය. සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල මෙතැනින් ලබා ගැනීමට තොඟ වෙළඳුන්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට අවශ්‍ය වාහන ගාල් කිරීමේ පහසුකම් හා පොදු පහසුකම් සියල්ලන්ගෙන්ම මෙම මධ්‍යස්ථානය සමන්විතවේ.

Read More

රට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

ආණ්ඩු මාරු වෙන විට ප්‍රතිපත්ති වෙනස් වන තත්ත්වයෙන් ඉවතට ගොස් ප්‍රතිපත්ති ගරුක දේශපාලනය වෙනුවෙන් තමන් ඉදිරියේදී කටයුතු කරන බව හිටපු වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පෙරේදා (16දා) සවස බැහැ දැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රණසිංහ මහතා ඒ බව කීවේය.

Read More

මොරගහකන්ද ජල ව්‍යපෘය යටතේ ඉදිවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ, අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, මිගස්වැව උමගගේ සේවකයින් කිහිප දෙනෙකු අතර, ඊයේ (17දා) ඇතිවූ බහින් බස්වීමක් දුරදීග යාම හේතුවෙන් ඇතිවු අරවුලක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මොරගොඩ පොලිසිය පවසයි.

Read More

තායිලන්තයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්‍යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලබාගෙන තිබෙන බව පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .

Read More

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය.

Read More

කිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් රැසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි දේව ගැතිවරයෙකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය කියයි.

Read More

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකළ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක වැඩ කඩිනමින් අවසන් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නමින් නම්කොට තිබූ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ එම නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හෙලා දකින බව මහනුවර හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි. ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන්න ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි

Read More

වැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.