saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2324 hours ago

LATEST

ආර්ථික ස්ථායීකරණ කාරක සභාවේ සභාපති තාරක බාලසූරිය

calendar_today 2024 අප්‍රේ 08 - 18:08 remove_red_eye - 180  

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථවේදීය.

අවුරුදු චාරිත්‍ර පිළිබඳව පැන නැගී ඇති ගැටළු සහගත තත්වය නිරාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් අවුරුදු චාරිත්‍ර වලින් ජනතාව ඈත් වීමේ අවධානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.04.08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Read More

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කොම්පඤ්ඤවීදිය , විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකල ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) ජනතා අයිතියට පත් කළේය.

Read More

අද ශ්‍රී ලංකාවේ රාමසාන් උපවාසය සිදු කළත් ගාසා තීරයේ ඉතා කණගාටු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. එහි මුස්ලිම් ප්‍රජාව තිස්පන්දහකගේ පමණ ජීවිත අහිමි වී තිබෙනවා.

Read More

වැල්ලවාය-බුත්තල මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේ පිහිටි තෙල් පිරවුම්හලක් අසලදී අද අලුයම ටිපර්රථයක් සහ ත්‍රීවීල්රථයක් ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් අවුරුදු 02 මාස 08 දරුවෙක් මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.

Read More

එම නව ආර්ථිකය ඇති කිරීමට අදාළ මුලික නීති ලබන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජුනි මාසයේදී සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත්කිරීමට එහි දේශපාලන මණ්ඩලය කටයුතු කළේය. පක්ෂයේ දේශභාලන මණ්ඩලය හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද සහභාගිතිවයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

Read More

අනුරාධපුර පාදෙණිය ඒ28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේදී අද (8දා) සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.

Read More

හිටපු සෞඛ්‍ය අමත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනා ලබන 22 දක්වා අද (08) යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

Read More

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වාලමලෙයි හින්දු කොවිලේ පැවති වාර්ෂික උත්සවයකින් පසු වතු කම්කරුවන්ට කොවිලේ දන්සැලෙන් ලබාදුන් ආහාර පාර්සල් අනුභව කල වතු කම්කරුවන් , කුඩා දරුවන් ඇතුළු 120 දෙනෙකු (07) දින රාත්‍රියේ මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

Read More

ඔහු ඊයේ 07දා අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටියදී පන්සලේ සිටි පිරිසක් ඔහුට පහර දී අත පය ගැට ගසා ගසක බැඳ දමා සිටියදී මියගොස් තිබුණි.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 04/08 දින අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මියගිය දැරිය මව හා පියා සමග පුත්තලම ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර මීට මාස පහකට පමණ ඉහතදී මව විදේශගත වීමට පෙර දැරියව සමීප ඥාතිවරියකට නීතිඥවරයෙකු ඉදිරියේදී ගිවිසුමක් මාර්ගයෙන් විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන තෙක් දැරිය හදා වඩා ගැනීම වෙනුවෙන් මාසිකව රුපියල් 30,000/= ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත සමීප ඥාතිවරියක වන සැකකාරියට ලබා දී තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More

ශ්‍රී ලංකා පොලීසියට අනුයුක්ත නිලධාරීන් අතුරින් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 11,205ක් බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මියගිය සැකකරුගේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත් එම අවස්ථාවේදී සැකකරු නිවසේ නොසිටි බැවින් පොලිසිය විසින් අංගමුව මංසන්ධියේ මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂාවේ යෙදී සිට ඇත.

Read More

2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට 2023 වර්ෂයේ මාර්තු මස 31වනදා වන විට අවුරුදු 01ක කාලසීමාව තුළ මූල්‍ය වර්ෂයේ පමණක් රජය ලබා දුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් අප්‍රේල් මස 03වැනිදා නිකුත් කර ඇති රාජ්‍ය කළමනාකරණ වියදම් ප්‍රකාශන වාර්තාවේ සඳහන් වේ.

Read More

අද (08දා) දිනයේදී අහසේ දර්ශනය වීමට නියමිත ’යක්ෂයාගේ වල්ගාතරුව’ දැක බලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයන් වෙත උදා වන බව තාරකා විද්‍යාඥයෝ පවසති. 12P/Pons-Brooks යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම වල්ගාතරුව වසර 71කට පසුව මෙලෙස පෘථිවිය පසුකරමින් යයි.

Read More

මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට අප්‍රේල් 02වැනිදා දක්වා වූ කාලය තුළ මාර්ග අනතුරු හේතුවෙන් 566දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ අනුව මෙරට පුද්ගලයන් විසින් සිදු කර ගනු ලබන බරපතළම ඛේදවාචකය මෙය වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

Read More

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ අතිසුඛෝපභෝගි ජීප් රථ 51ක් හේතුවෙන් රජයට රුපියල් කෝටි 300කට අධික පාඩුවක් වී ඇති බවට දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව එම අති සුඛෝපභෝගි ජීප් රථ 51ක වෙනත් පාර්ශ්වයන්ට පැවරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝගයක් නිකුත් කළේය.

Read More

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

කූඨ ලෙස සකස් කළ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් යොදා ගෙන ඉතාලිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 04/05 දින කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මුන්දලම කලපුවේ මියගිය මසුන් විශාල ප්‍රමාණයක් දක්නට ඇතැයි මුන්දලම ධීවරයෝ පවසති.

Read More

සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන දිළිඳු පවුල් ලක්ෂ 27.5 ක් වෙනුවෙන් සහල් කිලෝ 20 බැගින් ලබා දීමට කටයුතු කරන බවත්, ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන විසි දහසක මුදලක් වෙන්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

යාපනය වඩමාරච්චි කට්ටෙයිකාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකගේ මා දැලකට හසුව සිටි ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බෙරා නැවත් මුහුදුට නදහස්කර යැවීමට වඩමාරච්චි ධීවරයින් පිරිසක් ඊයේ (06) සවස පියවර ගෙන තිබුණි.

Read More

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් පැළඳ නවීන පන්නයේ කේඩීඒච් වර්ගයේ වෑන් රථයකින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි කුවේට් රටේ දේවාලයක කපුවෙක් බව කියන අයෙකු ඇතුළු තිදෙනෙක් ඉතා මුවහත් අඩි 04 කට ආසන්න දිගින් යුත් සුදු යකඩ කඩුවක්ද සමග අද (07) දහවල් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මොරගහහේන තල්ගහවිල මාලොස් ඇළ හන්දිය ආසන්නයේදී තීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර්රථය කින් පැමිණි පුද්ගලයන් පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

Read More

ව්‍යවස්ථාව අනුව මෙරට මීලඟට පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවත් නියත වශයෙන්ම මෙරට මීලඟ මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගෙ බණ්ඩාර මහතා පවසයි .

Read More

කුණ්ඩසාලේ, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නේකුඹුර ඇතුලු උප නගර කිහිපයක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවත් රුපියල් කෝටි දෙදහසක් පමණ මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බවත් එම අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම පිළිබඳව ලෝක බැංකුව සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.