saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2316 hours ago

LATEST

අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

calendar_today 2024 අප්‍රේ 10 - 13:16 remove_red_eye - 477  

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය නව සඳ ඊයේ 9දා දිස්වීම හේතුවෙන් අද 10 දිනයේ සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

Read More
779 ක් නිදස්
10 04 2024 10:37:00
0 238

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට නියමිත බව වාර්ථාවෙයි.

Read More

2024 වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු 31 වන දා කාලය තුළ මෙරටට රෙදි පිළි සහ උපාංග, ඒ සඳහා යොදා ගන්නා ඩයි කිරීමේ තීන්ත වර්ග සහ උපාංග ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 470.6 ක මුදලක් වැය වී ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් මස 08 වන දා නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනයකින් හෙළි කර ඇත.

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 6.9ක(6,948,154,112.41) බදු මෙරට මත්පැන් නිෂ්පාදනාගාර 10ක් විසින් ගෙවීම පැහැර හැර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

Read More

පසුගිය වසර 05 ක කාල සීමාව තුළ ලංකාවේ මූර්ත ඒක පුද්ගල ආදායම රු.73000කින් පමණ පහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් අප්‍රේල් 06 වන දින නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දේ. ප්‍රතිශතයක් ලෙස ගත් විට එය මූර්ත ඒක පුද්ගල ආදායම 12%කින් පහළ යාමකි.

Read More

ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා වනිඳු හසරංග වෙනුවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සමඟ ගිවිසුම්ගතව තිබේ. වනිඳුගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට මෙවර තරගාවලිය අහිමි වී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් ඊයේ(08දා) ගත් තීන්දු පිළිබඳව මැතිවරණ කොමිසමට සියලුම වාර්තා ලබාදුන් බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුම්න්ද දිසානායක මහතා සඳහන් කළේය.

Read More

පැය 23 විනාඩි 46 ක් තුල මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාදය කරුණා කර සෙරන්ඩිප් ගිනස් වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නාවික හමුවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා (09) දින පස්වරුවේ සමත්විය.

Read More

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපනය අමාත්‍යාංශය පවසයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනි දා ආරම්භ වේ.

Read More

අනුරාධපුර හිදෝගම දිවුල් වැවේ සහ අනුරාධපුර නුවර අසල තිබී සැකකටයුතු පුද්ගල මළ සිරුරු දෙකක් ඊයේ (8දා) පස්වරුවේදී සොයා ගත් බව පොලිසිය පවසයි.

Read More

බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය එම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ඇයට ලිංගික අතවරයක්කිරීම සම්බන්ධයෙන් බුත්තල පොලීසිය මඟින් ඉකුත් (08) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

Read More

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ 7350 කට අධික නිලධාරින් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

රට තුළ සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතියද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා 04/09 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

නාම යෝජනා බාර ගෙන ආණ්ඩුවේ බලපෑම මත කල් තබා ඇති නගර සභා -පාදේශීය සභා ජන්ද විමසීම පමාද කිරීම ඒකාධිපති කමයට අත වැනීමකි හා නගර සභා -පාදේශීය සභාවල මහජන චන්දයෙන් පත්වූ නියෝජිතයන් නොමැතිව නිලධාරීන් සිදුකරන පාලනය පුරවැසි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි යන දැන්වීම් දෙකක් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අම්බලන්ගොඩ පෝරඹ සිය නිවසේ තාප්පයේ අද(9) එල්ලුවේය.

Read More

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් (2024.04.08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමිණි.

Read More

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මැදිහත්ව තිබෙනවා.

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ CCTV කැමරා වසර 6ක් ගබඩාවක - කඩිනමින් අවශ්‍ය පියවර ගෙන මැයි 15ට පෙර ප්‍රගතිය දැනුම් දෙන ලෙස කෝපා කමිටුවෙන් දැනුම් දෙයි

Read More

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වික්‍රමනායක මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දු ලබන 26 දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.

Read More

2024 වසරේ ජනවාරි 01වන දින සිට මාර්තු 31වෙනි දින දක්වා කාලය තුළ බන්ධනාගාර රැඳවියන් 53දෙනකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.මෙම මරණ සිදුවී ඇත්තේ සියදිවි නසා ගැනීම්, අසනීප තත්ත්වයන්සහ පහරදීම් හේතුවෙන් බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More

2024 වර්ෂයේ ගෙවී ගිය මාස 3ක කාලය තුළ ශ්‍රී ලංකාවේ HIV ආසාදනය වූ නව රෝගීන් 695දෙනකු හඳුනාගෙන ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රජා සොඛ්‍ය විශේෂඥ ජානකී විදානාරාච්චි මහත්මිය සඳහන් කරයි.එය පසුගිය 2023 වසරට වඩා 14%ක වර්ධනයක් ලෙස වාර්තාවේ.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59කට කිසිදු අනුමතියකින් තොරව හා කිසිදු පර්යේෂණ වාර්තාවක් නොමැතිව පසුගිය කාලයේ පර්යේෂණ දීමනා ලෙස රුපියල් මිලියන 84ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

මාධ්‍ය - වැඩබලන සභාපති තනතුරට ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කරගැනීම නීතිවිරෝධියි කියලා දයාසිරි ජයසේකර මහතා කියනවා ? අමාත්‍ය අමරවීර මහතා - කවුද දයාසිරි කියන ඒවා ගණන් ගන්නේ ? දයාසිරි කියන්නේ වහිනකොට අකුණු ගහනකොට එළියට දාන යකඩ කෑල්ලක්. එයා කියන දේවල් අපිට අදාළ නෑ.

Read More

මාස දාහතකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක් කර සිටි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා අද (08දා) යළි සේවයේ පිහිටුවා තිබේ.

Read More

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමිවූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

කොල්ලුපිටිය ඇලෝ ඇවිනිව් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ටවර් ක්‍රේන් යන්ත්‍රයේ බක්කිය කඩා වැටීමෙන් දේපළ රැසකට හානි සිදුවී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 300 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 850 කි. චීන ලොකු ලූනු කිලෝවක් රුපියල් 120 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 375 කි. ඉන්දීය සහ පාකිස්තානු ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 50 බැගින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 445 කි. සුදු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 680 කි. පාකිස්ථානු අර්තාපල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 165 කි. රතු පරිප්පු කිලෝවක මිල රුප

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.