ගතවූ දෙවසර තුළ මෙරට ඉංජිනේරුවන් 5000ක් පමණ රට හැර ගොස් ඇතැයි රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය සඳහන් කරයි
රුපියල් මිලියන 3798 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගනියි
Read Moreසිංහල හින්දු අලුත් අවුරුද්දට නෑගම් යමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් මෝටර්රථයක් බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි දේවාලය අසලදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන මාරගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් පියෙකු සහ දියණියක බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි .
Read Moreසිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිත්තෙන් විශාල වශයෙන් ජනතාව එක්වන පරිදි සංවිධානය කෙරෙන අළුත් අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙළි ආදිය සඳහා එක් රොක් වන මහජනතාවගේ ආරක්ෂාවට විශේෂ පොලිස් ආරක්ෂාවන් සපයන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
Read Moreගාල්ල සිට ඇල්ල වැල්ලවාය හරහා හපුතලේ බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද 13 හපුතලේ බණ්ඩාරවෙල උඩපාර ඔත්තෙකඩේ ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් හය දෙනකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම ඊයේ (13) දිවයින පුරා සිදු කෙරිණි.
Read Moreරුපියල් තුන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 75 ක් පමණ ගිල දමා පැමිණි 38 හැවැරිදි මැඩගස්කර් ජාතික කාන්තාවක් 04/12 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඑම වන අලියා මඟුල්දමන ගම්මානයේ තවත් නිවාසකට හානි සිදුකර ඇති බවත් ගම් වැදුන වන අලියා පලවා හැරීමට ගම්මුන් විශාල ප්‍රයත්නයක් දරා ඇති බව සඳහන් වේ.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ ප්‍රමුඛව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපොළ සහ වරායන් තුළ 04/12 උදෑසන 09.00 සිට 04/13 දින උදෑසන 09.00 පැය දක්වා ’’ අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක නිරත වීම ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබේ .
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 ක පමණ තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම බහුදින ධීවර යාත්‍රා 02 ක සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි .
Read Moreඋතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් හෙට දිනයේදී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ඵලදායී දීමනා නමින් රුපියල් මිලියන 269 ක් ලෙස ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreකොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan)යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ (11) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreමියන්මාරයේ සයිබර් ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් රඳවගෙන සිටියදී බේරාගත ශ්‍රී ලාංකිකයන් 8 දෙනා බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගත් බවත් ඔවුන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වීමට පියවර ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
Read Moreකොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් දුම්රියෙන් වැලිකන්ද පුල්ලියාරඅඩි ප්‍රදේශයේදී 11 වෙනිදා සවස 3.00ට පමණ අවුරුදු දොළහක දැරියක් කෝච්චියෙන් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ආනයනය කර, රේගුවට තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් 04/11 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreවෙළඳපොළ තුළ යළිත් බිත්තර මිල ඉහළ යාමක් සිදුවුවහොත් රජය නැවත වරක් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ තම නම නොතිබුණත් පොහොට්ටු ලකුණ අනිවාර්යෙන් දැකගත හැකි වන බවත් පොදු ජන පෙරමුණ අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු ඇති බවත් එම අපේක්ෂකයන් අතර රනිල් වික්‍රමසිංහ මහතා ද සිටිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි .
Read Moreඅද (11දා) සිට මේ මස 15 දින දක්වා කාලය තුළදී දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ(අනාවැකි ) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය. මෙම කාලය තුළදී නැගෙනහිර සහ ඌවපළාත්වලට දවස ඕනෑම අවස්ථාවක වැසි ඇති විය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි බලා පොරොත්තුවන බවත් හෙතෙම පවසා සිටියේය.
Read Moreභට පිරිස් විසින් ලබා දෙන සේවය තක්ෂණය භාවිත කරමින් ලබාගෙන ගුවන් හමුදාවේ භටපිරිස්වල ප්‍රමාණය 2030 වසර වන විට අඩු කිරිමට සැලසුම්කර තිබෙන බව එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඊයේ(10දා) ගුවන් හමුදා මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මේ බව සඳහන් කළ ගුවන් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට සිටින 35000ක් පමණ වූ භට පිරිස්වලින් ලබාගන්නා සේවය 2030 වසර වන විට 18000ක ප්‍රමාණයකින් මීට
Read Moreකටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත් , ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්‍රවාහනය කිරීම සදහා නවීනතම බස් රථ තුනක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාලන අංශයට පවරා දීමේ උත්සවයක් ඊයේ(10දා) ශ්‍රී ලන්කන් ගුවන් යානා පරිශ්‍රයේ දී පැවැත්විණ .
Read Moreමෙම වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 3,789ක් රජය විසින් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreවිනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි
Read Moreඅප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreරට තුළ යපහත් ආර්ථික තත්ත්වයක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙන හෙයින් 2025 වසරේදී වාහන ආනයනය සම්බන්ධයෙන් යහපත් බලාපොරොත්තුවක් තබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්‍රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී , එම යානය තුළට පිවිස , 04/10 දින අලුයම මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි .මොහු යාපනය , සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ද්‍රවිඩ ජාතික
Read Moreමොනරාගල කුඹුක්කන පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ එච්.එම් චමෝදී ප්‍රබෝධා ක්‍රීඩිකාව 19 පහළ ශ්‍රීලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායඔමේ විශිෂ්ඨ දස්කම් දක්වා ඇත.
Read Moreමෙරට පැදිම තහනම් කර ඇති අධි ධාරිතාවකින් යුතු 1000 CC වර්ගයේ යතුරුපැදියක කොටස් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
Read Moreමෙරට තුළ ඊෂිකෑෂ් ක්‍රමය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් හුවමාරු කරන ජාවාරම්කරුවන් 137 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read More