ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පෙචවුල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇතැයි පැවසෙන කාරණය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට (රහස් පොලීසියට) අද (04දා) සවස පැමිණියේය.
සියලු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේය දේශීය ආදායම් සේවයට ගැලපීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ ග‍්‍රාමීය ජනතාව මුහුණ දී ඇති ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සහ ග‍්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
Read Moreඑතුමා යුනිෆෝම් එක ඇඳගෙන නටපු එකටනම් මම කැමති නෑ. ගරුතර මහා සංඝරත්නයට කතා කරපු විදිහට මම කැමති නෑ.
Read Moreචීනයේ නිශ්පාදිත ලොසින්ජර ආහාරයට ගත් කටුවන පාසලේ සිසුන් 8 ක් අසනීප වීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
Read Moreවිදේශීය චිත‍්‍රපට ආනයනය, ප‍්‍රදර්ශනය සහ බෙදාහැරීම විධිමත් පරිදි සිදු නොවීම සහ දේශීය සිනමාවේ ගුණාත්මක වර්ධනය සඳහා ගතයුතු පියවර මෙන්ම නව බදු ක‍්‍රමවේදය පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
Read Moreඅනුරාධපුර, ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගත් බවට මාධ්‍ය පළකළ වාර්තාව සත්‍යයෙන් තොර බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreහික්කඩුව, වෑවල දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ ලොරියක් දුම්රිය ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
Read Moreපසුගිය 2දා මෙම ශල්‍යකර්මය සිදුකර ඇත. සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ රෝගියා පිළිබඳව කළ එක්ස් කිරිණ පරීක්ෂාවකින් වකුගඩුවේ තිබූ ගල් නිරික්ෂණය වී තිබේ.
Read Moreවර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය හා කාලීන අවශ්‍යතාව අනුව සිදු කරන දිගු කාලීන සැලසුමක් නැති ප්‍රතිපත්ති ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රධාන බාධාව බව මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රජයට දැනුම් දි ඇත.
Read Moreමෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.
Read Moreආසියානු දැල්පන්දු ශූරතාවය දිනූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පාර්ලිමේන්තුවට කැඳවා උපහාර දැක්වීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
Read Moreසැකකරුවන් සන්තකයේ තිබී ටී. 56 ගිනි අවියක්, උණ්ඩ 27, පතොරම් ගැබක්, මන්නා පිහි 3ක්, මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම සැකකරුවන් විසින් කොල්ලකන ලද යතුරුපැදියද සොයාගෙන ඇත.
Read Moreඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන R.A. හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
Read Moreරුපියල ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහා බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreයාපනයේ ව්‍යාපාරිකයෙකුගේ පැමිණිල්ලක් පැමිණිළි පොතේ සටහන් කොට විභාග නොකිරීම හේතුවෙන් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කොට යාපනය පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු 16 දෙනෙකුට වහාම ක්‍රියාතමක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට යාපනය ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
Read Moreතවත් දෙදෙනෙක්ගෙන් ඉදිරියේදි ප්‍රකාශ ගැනීමට නියමිතය.
Read Moreමම කානිවල් බලන්න යන්න බැහැ කිව්වා. ඒතකොට අමිමා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාට ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නැහැ ඒ නිසා යමු, පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.
Read Moreරජය මගින් හඳුන්වාදුන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර බස් රථයක් මිලදී ගෙන තිබේ.
Read Moreවෘත්තිකයන්ට, විද්වතුන්ට, නිෂ්පාදන, සේවා හා කෘෂිකාර්මික අංශයේ පුද්ගලයන්ට සහ මහජනතාවට යෝජනා ලබාදිය හැකිය.
Read Moreශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය සඳහා ලබන දෙසැම්බරයේ රොබෝ තාක්ෂණික ගබඩාවක් ඉදි කිරීමට පසුබිම සැකසී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
Read Moreරාජකාරී ගිනි අවියක් සහිතව කළුතර තෙබුවනදී නොසන්සුන්කාරි ලෙස හැසිරුණු පොලිස් සැරයන් සනත් ගුණවර්ධන ලබන 9 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු වමත් ආරම්භක වේගපන්දු යවන්නෙක් සහ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ගැන සැක සිතී ඔහුගේ දුරකථනය අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ගේ භාරයට
Read Moreඑම අනතුර අසළ තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි. ත්‍රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගිය අතර තවත් අයෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.
Read Moreලෝක උරුම සිංහරාජ වනාන්තරයේ පරිවාර කුඩුමීරිය වැසි වනාන්තරය උග්‍ර විෂ රසායන ද්‍රව්‍ය යොදා මහා පරිමානයෙන් විනාශ කිරීමට කටයුතු කරන බව වැසිවනාන්තර සුරකින්නෝ සඳහන් කරයි.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර තැබිමට එම විදුලි බලාගාර ඉන්ජිනේරුවන් කටයුතු කර තිබෙනවා.
Read Moreපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.
Read Moreස.තො.ස. ගබඩාවලින් රුපියල් ලක්‍ෂ 52කට අධික භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවීමේ චෝදනා මත පවරා ඇති නඩුවේ විභාගය අවසන් වනතුරු තමන් රිමාන්ඩ් භාරයට පත් කරමින් කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කොට තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය අද (03දා) දින කැඳවීමට නියමිතය.
Read Moreමේ වසරේ මුල් මාස 09තුළ (ජනවාරි-සැප්තැම්බර්) වනවිට විශ්‍රාමිකයන් 614,287ක් වෙත රුපියල් මිලියන 150,348ක විශ්‍රාම වැටුප් ගෙවා ඇතැයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා පැවසීය. මීට අමතරව විශ්‍රාමිකයන් 27,641ක් සඳහා රුපියල් මිලියන 19,013ක මුදලක් පාරිතෝෂික වශයෙන් ගෙවා වැය කර තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
Read More