නීතිඥ සංගමයට විරුද්ධව රන්ජන් CID යයි
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පර්පෙචවුල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් ලක්ෂ 25ක් ලබාගෙන ඇතැයි පැවසෙන කාරණය සම්බන්ධව විමර්ශන කඩිනම් කරන ලෙස ඉල්ලීමට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට (රහස් පොලීසියට) අද (04දා) සවස පැමිණියේය.
මෙම කරුණ සම්බන්ධව තමන් විසින් මීට පෙර පැමිණිලි කර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදුන් බවත්, අද දිනයේදී දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.
බැඳුම්කර වංචාවට අදාළව අධිකරණය විසින් සිරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචවුල් ටෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගැනීම වරදක් බවත්, නීතිඥ සංගමය ලබාගත් මුදල් නැවත ලබාදිය යුතු බවත් රාමනායක මහතා මෙහිදී පවසා සිටියේය.




popular news
-
rocky Friday, 05 October 2018 07:36 AM
නීතිඥයෝ කියන්නේ කිසිම විලි ලැජ්ජාවක් නැති කාක්කෝ පිරිසක්. ඉස්සර කිව්වෙත් ගිනි කන්නෝ කියලනේ! මෙම වෘත්තීය නීතියෙන් තහනම් කල යුතුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
