නිවස ගිනිගැනීමෙන් අසරණ වූ සිසුවියට පිහිට වෙමු
නිවස තුළ ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් සිය පාසල් දිවියට අවශ්‍ය සියලු උපකරණ විනාශ වීම නිසා ලෝක ළමා දිනය එළැඹෙන විට විපතකට පත්වූ පාසල් සිසුවියක් පිළිබඳ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
හිඟුරක්ගොඩ, හිඟුරක්ගල 3 කණුව ප්‍රදේශයේ අදාළ දැරියගේ නිවස පිහිටා ඇති අතර, පසුගියදා (30දා) රාත්‍රියේ නිවසේඇති වූ හදිසියේ ගින්නකින් නිවසේ අඩක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි පොලීසය පැවසීය.
"අනේ මං ලෝක ළමා දිනයට ඉස්කොලේ යන්න ගොඩක් ආසාවෙන් ඇඳුම් ටිකයි, පොත් ටිකයි හරි ගස්සලා කානිවල් එක බලන්න ගියේ. මම කානිවල් බලන්න යන්න බැහැ කිව්වා. ඒතකොට අමිමා කිව්වා පුතේ හෙට ලෝක ළමා දිනයනේ පුතාට ඒ වෙනුවෙන් කොහෙවත් එක්ක යන්න අපිට සල්ලි නැහැ ඒ නිසා යමු, පුතා කානිවල් එක බලලා ඔයා සතුටු වෙන්න කියලා අම්මා කිව්වා.
අම්මාගෙයි තාත්තාගෙයි හිත නරක් කරන්න හොඳ නැති නිසා මම කානිවල් එකට ගියා. කානිවල් එක ඇතුළට යන්න බැරි වුණා. අපේ ගේ ගිනි ගන්නවා කියලා මාමා කෙනෙක් කිව්වා. අපි ගෙදර ඇවිත් බලනකොට මාගේ කාමරේ තිබුණ පොත්, ඇඳුම්, සපත්තු සහ මම ඉස්කොලේ යන බයිසිකලය ඔක්කොම ගිනි අරන්. මට ස්කොලේ යන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ."
තමන් එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වෙන අතර, විනාශ වූ නිවස සහ දරුවාගේ පාසල් උපකරණ ලබා ගැනීමට නොහැකි බවදදැරියගේ දෙමවුපියෝ පැවසූහ.
මෙම දැරියට උපකාර කළ හැකි අයෙකු වෙතොත් 0765358525 දුරකථන අංකය අමතන ලෙස ඇගේ දෙමවුපියෝ පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිති.
විදුලිය කාන්දු වීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි පොලීසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හිඟුරක්ගොඩ පියතිලක




popular news
-
shan saudi Thursday, 15 November 2018 07:26 PM
මොන පොත්ද ගන්න ඕනේ මුද්ද්රිත පොත් පාසලෙන් ගන්න තියනවද කේය වසරද මේ දරුවා ඉන්නේ විස්තර දෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

