saravita-anim2

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 11797 hours ago

LATEST

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා රිමාන්ඩ්

calendar_today 2018 දෙසැ 20 - 17:19 remove_red_eye - 2485  

පසුගිය 16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දෙහිවල හා අඟුලාන පොලිස් වසම් වලදි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරෝයින් ග්‍රෑම් 29යිමිලිග්‍රෑම් 300ක් හා මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගනි අවියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනතාව දුගීබවින් නිදහස් කර ගැනීම සදහා රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ලබන ජනවාරි මාසයේ සිට නව මුහුණුවරකින් සහ නව ජවයකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

Read More

අද දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

Read More

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් පරීක්ෂෙකවරයකුගෙන් රුපියල් 50,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට පමුණුවනු ලැබු පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන වසරේ ජනවාරී මස 02 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

Read More

ඉන්දියාවේ සිට ගෙන එන ලද නවීන පහසුකම්වලින් යුක්ත වූ දුම්රිය මැදිරිය ඊයේ දින උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා අත්හදා බැලීමේ පරික්ෂාවකට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණි.

Read More

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇත.

Read More

මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ මහලේකම්වරයාට හැකියාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (20දා) පැවසීය.

Read More

තලංගම පොලිස් වසමේ වැව පාර ,වික්‍රමසිංහපුර,බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ දේපළ සොරකම් කරන ලද සැකකරුවන් හදුනාගෙන අත්අඩංගුවට ගැනිමට තලංගම පොලීසිය විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද සමයේදී ආරක්ෂක අංශ පරිහරණය කරන ලද සාමාන්‍ය වැසියන්ගේ සහ රජයේ ඉඩම් අක්කර 45.28 ක ප්‍රමාණයක් ප්‍රදේශ භාර දිසාපතිවරුන් වෙත භාර දීම ඊයේ දින සිදු විය.

Read More

අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරිම හෙට සිදුවන බව ජනාධිපතිතුමා අද (20) පෙරවරුවේ පැවසීය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතුකරයේ තරුණයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඊයේ දින සිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලැබි ඇත.

Read More

ලබන වසර මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

නව අමාත්‍ය මණ්ඩලය ජනපති ඉදිරියේ අද දිවුරුම් දෙති

Read More

යාපනය දිස්ත්‍රික්කය තුළ පිහිටි ඇතැම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහළ තත්වයක පැවතීම හේතුවෙන් යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ සවස සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන ඇත.

Read More

UPDATE අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම්

Read More

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.

Read More

’’රට අස්ථාවර කළේ එක්සත් ජාතික පක්‍ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, දෙමළ සන්ධානයි කියලා මුළු රටම දන්නවා. තවදුරටත් රට අස්ථාවර කරන්න බැරි නිසා තමයි අපි ඉල්ලා අස් වෙන්න තීරණය කළේ’’

Read More

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.

Read More

කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

Read More

අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තබන රියදුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.

Read More

වතු හාම්පුතුන් විසින් වතු කම්කරුවන්ට ලබාදීමට තීරණය කර තිබෙන දෛනික වැටුප් ප්‍රතික්ෂේප කරන බව වතුකම්කරු ජනතාවගේ දූවාදරුවන් හා ඥාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

Read More

ඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විශයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.

Read More

දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පා ගමනක් සංවිධානය කරන ලදී.

Read More

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

මෙරට තුළ දින 51ක කාලයක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස්වලට වහාම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන හා මහජන සංවිධාන අද (19දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.

Read More

පසුගිය දිනවල ඇඳහැළුණු වර්ෂාව හේතුවෙන් දැඩි ලෙස අබලන් වූ මාර්ග පිළිසකර කරදී මගී ගමනාගමනය යථා තත්වයට පත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

Read More

පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්,විද්‍යාපිඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නරග සභාවේ 2019 අයවැය ලේඛණය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.