ව්‍යවස්ථා කුමන්ත්‍රණයට දඩුවම් ඉල්ලා විරෝධතා
මෙරට තුළ දින 51ක කාලයක් ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට සම්බන්ධ පිරිස්වලට වහාම දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන හා මහජන සංවිධාන අද (19දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
මීට අමතරව ව්‍යවස්ථා කුමන්ත්‍රණය සිදුකළ ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, මාස 06ක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් සිවිල් සංවිධාන හා මහජන සංවිධාන නියෝජිතයෝ එහිදී අවධාරණය කළහ.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ 'අලුත් පියාපත්' සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, දවස් 51ක් පුරා රට තුළ සිදු වූ කෝළම අවසන් වී තිබෙන බවයි.
ඉන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුව ලැබී තිබෙන බවත්, එහෙත් රටේ ප්රශ්නය අවසන්වී නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
එහෙත් 'අලුත් පියාපත්' සංවිධානය ලෙස කෝළම අවසන් වී තිබෙන බවට නොසිතන බවත්, මෙවැනි ප්‍රශ්නයක් ඇති වූයේ ඉතිහාසයේ පළමු වතාවට බැවින් කුමන්ත්‍රණය යළිත් සිදු නොවීමට වගබලා ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් සැබෑ ප්රජාතන්ත්රවාදයක් හා යහපත් සමාජයක් උදාකර ගැනීමට ජනතාව මැදිහත් විය යුතු බවද එරංග ගුණසේකර මහතා සඳහන් කළේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර කටයුතු කර තිබෙන බැවින් ඔහුට දඬුවම් කළ යුතු බවයි.
ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන හා මහජන සංවිධාන මහපාරට බැස උද්ඝෝෂණය සිදු කරන බවද හෙතෙම අවධාරණය කළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු











popular news
-
rocky Wednesday, 19 December 2018 07:51 PM
ව්‍යවස්ථාව උල්ලන්ඝනයකළ ජනතා ද්‍රෝහී අතිගරු ජනාධිපති තක්කඩියාට වහාම දැඩි දඬුවම් ලබා දිය යුතුය! රනිල් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් නොගෙනෙන්නේ ඩීල් ගැහිල්ලක් හින්දා දැයි සක හිතෙනවා. වහාම දෝෂාභියෝගයක් ගෙනවුත් ඔහු පන්නා දමමු.
Reply : 0 0
Deepal Nirosh Thursday, 20 December 2018 08:28 AM
ව්‍යවස්ථා කුමන්ත්‍රණ කර නම් එයාලට මීළඟ මැතිවරණයේ දී ජනතාව නිසි දඬුවම දේවී. ඒකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. පුළුවන්නම් කරුණාකරල ළඟ ළඟම එන 20 වන ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය පරාජය කරන්න බලන්න. එයයි මේ මොහොතේ රටේ අවශ්‍යතාවය.
Reply : 0 0
lion Thursday, 20 December 2018 10:05 AM
මෙය හොඳ ප්රවනතාවයක් එම කුමන්ත්‍රණය දියත් කල යට දඬුවම් දිය උතුමි. සිරා ඉන්නේ ඉන් mulatamal
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

