saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11542 hours ago

LATEST

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

calendar_today 2018 දෙසැ 12 - 15:03 remove_red_eye - 2141  

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.

ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ.

Read More

ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මංගල සමරවීර මහතා ස්ථිර කළේය.

Read More

පොලොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ අද (12දා) අලුයම 4.00 පමණ ලොරි රථයක් විසින් පා පැදියක ගමන් පාසල් සිසුවෙකු අනතුරට ලක්කර මරණයට පත්කළේය.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයේ හා කැබිනට් මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් ඉදිරිපත් කළ ඇපෑල් ලබන 14දා විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙයිද නොදන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණි වලේ අද වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ පැවසීය.

Read More

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත.

Read More

යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිංහල සිසුන් සහ දෙවන වසරේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රීයේ ඇති වූ ගැටුමකදී දෙවන වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරන්නේ නම් ඔවුන්ට විපක්ෂනායක ධූරයේ කටයුතු කිරීමේ අයිතියක් නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

ඓතිහාසික ගාල්ල කොටුවේ පිහිටි පැරණි උපතැපල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ (11දා) සවස කඩා වැටී තිබේ. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, එහි සුන්බුන්වලට යට වී ඒ අසළ නවතා තිබූ ත්‍රිරෝද රථයකට දැඩි හානි සිදුව තිබෙන බව ගාල්ල පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන්ගේ නොගැළපෙන හැසිරීම් හේතුවෙන් ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳ කරුණු සොයාබලන කමිටුව අද (12දා) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වීමට නියමිත අතර, මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානීන්ද පාර්ලිමේන්තුවට කැඳවීමට මෙම පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

තම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් දින 8 පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (12දා) සිට අත්හරින ලෙස ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ට දැනුම් දි ඇත.

Read More

වැලිකඩ බන්ධනාගාරයෙන් පැනගිය මත්ද්‍රව්‍ය ජාවම්කරුවෙකු බවට පැවසෙන සුනිල් ශාන්ත නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය

Read More

ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම පිළිබඳ පොලිස් ස්ථානවලට දිනකට පැමිණිලි අටසියයත් - දහසත් අතර ප්‍රමාණයක් ලැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ලංකාව තුළ මිලියන විසිහතරකට අධික ජංගම දුරකථන ප්‍රමාණයක් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක් නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12දා)ඉදිරිපත් කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර හමුවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

Read More

එළැඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

Read More

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන ’’Harvest 2018’’ නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.

Read More

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්යෙන් පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා විසින් වහාම ප්‍රසිද්ධ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍ර සන්න විරුවාගේ බිරිද, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

යාපනය හා කොළඹ අතර ධාවනය වන බස්රථ 88න් බස්රථ 65කට මාර්ග බලපත්‍ර නොමැති බව යාපනය බස් සංගමය සඳහන් කරයි.

Read More

පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා පසුගිය 06 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටතුළ අරගලයක් සිදුවන අන්දමේ ප්‍රකාශයක් කර ඇතැ බවට පොලිස් මූලස්ථානයට ඉදීරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන පරික්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යටතට පත්කර ඇත.

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජනවාරි පළවනදාට කල් තැබීමට කොළඔ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.

Read More

ශ්‍රී ලංක දුම්රිය සේවය වෙනුවෙන් ඉදිරියේදී බලවේග කට්ටල 14ක්, එන්ජින් 21ක්, මැදිරි 160ක්, තෙල් ටැංකි 30ක් එක්වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.