යාපනය හා කොළඹ අතර ධාවනය වන බස්රථ 88න් බස්රථ 65කට මාර්ග බලපත්ර නොමැති බව යාපනය බස් සංගමය සඳහන් කරයි.
බලපත්ර තිබෙනා බස් රථ 23 මගින් එක් බස් රථයකින් මාසයකට රුපියල් 91850ක මුදලක් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට ලබාදෙන බවත්, එහෙත් දේශපාලනඥයන්ගේ හා ජාවාරම්කරුවන්ගේ බස්රථ රජයට කිසිදු මුදලක් නොගෙවා ධාවනය කරන අතර, මේ නිසා එක් මාසයකට රජයට රුපියල් 5970250ක මුදලක් අහිමි වන බවත් එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
මාර්ග බලපත්රයක් නොමැතිව බස්රථයක් ධාවනය කිරීම රුපියල් ලක්ෂ 02ක දඩයකට යටත් කළ හැකි බවත්, එහෙත් යාපනය - කොළඹ අතර මාර්ග බලපත්ර නොමැතිව ධාවනයවන බස් රථවලට නීතිය ක්රියාත්මක නොවන බවත් එම සංගමය සඳහන් කරයි.
මාර්ග බලපත්රනොමැති බස් රථයක් රිය අනතුරකට ලක්වුවහොත් අනතුරුවලට ලක්වන මගීන්ට කිසිදු වන්දි මුදලක් නොලැබෙන බවද යාපනය බස් සංගමය මෙහිදී වැඩිදුරටත් ප්රකාශ කළේය.
