අගමැතිට හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය ජනවාරියට කල් යයි
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත.
ඒ අනුව අදාළ පෙත්සම් 2019 වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනවලදී විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රිවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරමින් රීට් ආඥාවක් ඉල්ලා සිටියේ.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් මේ වන විට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා එක් පෙත්සමකුත් චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා විජයදාස රාජපක්ෂ තවත් පෙත්සමකුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

popular news
-
Champa Wednesday, 12 December 2018 12:22 PM
දැන් ජනාධිපතිතුමාට පිස්සුද නැත්ද කියල අහපු නඩුව අහන්න ගන්න පුළුවන් ඉක්මනට, මං හිතන්නේ. ඇයි මොකොද බැරි වෙලාවත් පිස්සුයි කිව්වොත් එහෙම? සෙල්ලම්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

