මුලතිව් පුලයන්කුලම්ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදි අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.
“මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
Read Moreනීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්රිහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමිනි.
Read Moreලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂහ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (21) නියම කළේය.
Read Moreඅද (21දා) පෙරවරු 11.30ට පමණ වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක්ට තවත් යතුරු පැදියකින් පැමණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලක්ෂ් 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂි මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය.
Read Moreයුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදි පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.
Read Moreමත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා 1984 නමින් නව නව දුරකතන අංකයක් හඳුන්වා දුන්නේය.
Read Moreකිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේ්දි ගිනිඅවි, පතුරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ (20) දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreතංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තුළ සිදුවූ වෙඩි තැබිමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට වාර්තා කර තිබේ.
Read Moreමේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන් මේවා නිෂ්පාදනය කරගන්න හැකි වුණොත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි වෙනවා.
Read Moreසත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට අහිමි වී තිබේ. ඒ ඔස්ට්‍රේලියා XI කණ්ඩායම හා පැවැති පුහුණු තරගයේදි ඔහු කළවයේ ආබාධයකට ලක්ව ඇති හෙයිනි.
Read More2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreනුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන සැලසුම් අවලංගු කරන ලෙසට ඉල්ලා අද (21දා) දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
Read Moreඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දිනයේදී පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම විහාරයේදී සිදුවිය.
Read Moreඔටාරා, අරූන් හයිඩ්‍රාමනී, යුසුෆ්අලී, ඩයන් ගෝමස් මෙසේ නිර්වේතනික කොන්සල්වරු ලෙස පත්කොට ඇත.
Read Moreසහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම යටතේ එක් ගොවියෙකුගෙන් පළමු අදියරේදී කිලෝ එක්දහස් පන්සියක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මේ වනවිට ගිවිසුම් අත්සන් කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
Read Moreනිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(20) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreසේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
Read Moreධීවර ඔරුවක නැගී අනුරාධපුර, නුවර වැව මැදට ගොස් පූජා නගරයේ පිහිටි චෛත්‍යයන් ආලෝකයෙන් බැබලෙන අයුරු දැක බලාගැනීමට උත්සාහකල දිවයිනේ ප්‍රසිද්ධ නිමි ඇදුම් කර්මාන්ත ශාලාවක කළමනාකරුවෙකු ඔරුව පෙරළි ගොස් දියේ ගිලි අතුරුදන්ව මරණයට පත්වී දින දෙකකට පසුව ඊයේ (19දා) සවස සිරුර සොයා ගැනීමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ කිමිදුම්කරුවන්ට හැකි වූහ.
Read Moreබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද 20 වනදා පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
Read Moreසමස්ත ශ්‍රි ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි කරන වතු නිවාස 150 වතු කම්කරු අයිතියට පත් කිරිම අද (20) සිදු විය.
Read Moreලෝකාන්තය නැරඹීමට යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තබාගෙන සිටියදි සැකපිට අත්අඩංගුවට ගත් බව පට්ටිපොළ පොලීසිය පවසයි.
Read Moreසේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.
Read More