saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10996 hours ago

LATEST

රටේ අධ්‍යාපන තින්දු තිරණ දේශපාලනඥයින් නොව අධ්‍යාපනඥයින් ගත යුතුයි - ජනපති

calendar_today 2019 අප්‍රේ 11 - 19:35 remove_red_eye - 418  

රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයින් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් අප්‍රේල් 13 සහ 14 යන දෙදින විවෘත නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉඩම් සහ නිවාස නොමැති වනජිවි නිලධාරින්ට ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක වලම නිවසක් ඉදි කර දිමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සහ නිවාස සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකඟතාවය පළ කර ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

ගම්පහ, බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සිංගර් ආයතන ගොඩනැගිල්ලේ අද (11) සවස 1ට පමණ ඇතිවු ගින්නක් හේතුවෙන් එහි ඉදිරිපස කොටසට හානි සිදුව ඇත.

Read More

ඊයේ රෑ ඉදන් විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කියන දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එදා කියපු දේ රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන් කිව්වේ විදුලි කප්පාදුවක් ඊයේ රෑ ඉදන් නැහැ කියලා. ඉතින් ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

යාපනය වේලනෙයි මණ්ඩතිව්හි පිහිටි නාවික හමුදා කඳවුරු භූමිය ප්‍රමාණයෙන් විශාල කිරීමට රජයෙන් ගෙන ඇති තීරණයට අනුව එම කඳවුරු භූමියේ මැනුම් කටයුතු කිරීමට අද (11) උදෑසන පැමිණි මිනින්දොරු වරු පිරිසකට දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් මන්ත්‍රිවරයෙකු වූ එම්.කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසක් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණි.

Read More

ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ කාර්යය මණ්ඩල සාමාජිකයකු රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (11) දින අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද (11) උදෑසන මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ සංචාරයක නිරත වෙමින් මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම හා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමක් සිදු විය.

Read More

යතුරුපැදියකින් හෙරෝයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මතුගම වෑත්තෑව ඇල්ල පාර හන්දිය අසලදි අත්අඩංගුවට ගැනිමත් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකුට උදැල්ලකින් පහර දි යතුරුපැදිය දමා පළා ගොස් ඇතැයි මතුගම පොලීසිය පවසයි.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමේ පිහිටි නිවාස 03කට ඊයේ (10) රාත්‍රියේ ආවා කල්ලියේ සැකකෙරෙන පිරිසක් විසින් පහර දී බඩු බාහිරාදියට හානි කොට පළා ගොස් ඇති බවට මාණිප්පායි පොලීසිය පවසයි.

Read More

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති වශයෙන් මංගල පී.බී. යාපා මහතා පත් කර තිබේ.

Read More

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

Read More

මාතර වැලිගම ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියකට ඊයේ (10) ගම්වාසින් විසින් පහරදිමක් සිදුකර ඇති බව වැලිගම පොලීසිය පවසයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය මගින් කැලණි ගඟ හරස් කර ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදි කරමින් පවතින බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වු පවුල් 29 සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරිම ඊයේ (10) විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සිදු කරනු ලැබීය.

Read More

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (11දා) සිට 20 වැනිදා දක්වා කාල තුළ සමස්ත ලංකාවම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අද (10දා) පැවැති සාකච්ඡා සාර්ථකද අසාර්ථකද යන්න කීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

Read More

කොළඹ කොටස් හුවමාරුව, කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තයන කිරිමට කැබිනට අනුමැතිය ලැබි තිබේ.

Read More

මාලදිවයිනේ රඳවාගෙන සිටි ශ්‍රී ලංකික ධිවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට හැකි වූ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

Read More

චීනයේ එක් තීරයක් එක් මාවතක් සංකල්පය යටතේ ශ්‍රී ලංකාව සමග වඩාත් පුළුල් හා ගැඹුරු ප්‍රායෝගික සහයෝගීතාවක් ඇතිකර ගැනීමට චීනය සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලු කාංග් මහතා පවසයි.

Read More

බැංකුවල ණය පොලී අඩුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබාදීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10දා) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Read More

මාර්තු ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද ඇ.ඩො. 74 දක්වා ඉහළ ගියද ජනතාවට සහනයක් දෙන බව කියයි.

Read More

විදුලිය විසන්ධි කිරීමකින් තොරව අද (10දා) රාත්‍රියේ සිට පාරිභොගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

Read More

වීදි ආලෝකකරණය සඳහා එල්.ඊ.ඩී. පහන් සවිකිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (10දා) පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 උත්සවයට ආරාධනා ලැබ පැමිණි ජාතික පුවත්පත් කිහිපයක කර්තෘවරුන්ට නිසි පරිදි ආසන වෙන්කර නොතිබීම පිළිබඳව කඩිනමින් පරීක්ෂණයන් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

නිල කාලය අවසන් වූ දකුණු පළාත් සභාව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අත්සන් තබා තිබේ.

Read More

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

Read More

මේ වනවිට පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විජය පුවත්පත් සමාගමේ කර්තෘවරුන්ට අඩු සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන් එය විරෝධය පා සම්මාන උළෙල වර්ජනය කර තිබේ.

Read More

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට අමානුෂිකව නවක වදය දෙන සිසුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවත් වහාම නවකවදය නවත්වන ලෙසත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුළ ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

Read More

ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.