මිලියන 1441ක ෆෝඩ් හා බෙන්ස් ගිලන් රථ බෙදයි
දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 138 බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (11දා) පෙරවරු 10.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.
ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.
මේ අනුව සමස්තයක් ලෙස රුපියල් මිලියන 1441.8ක ගිලන් රථ මෙසේ බෙදාදීමට නියමිතව තිබේ. මීට පෙරද ෆෝඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 152 ක් රෝහල්වලට බෙදාදී තිබේ.
මේ වැඩසටහනය යටතේ නවීන ගිලන් රථ 450 ක් රෝහල්වලට බෙදාදීමට නියමිතය. මෙතෙක් කල් රෝහල්වලට ලබාදෙනු ලැබුයේ සාමාන්‍ය වර්ගයේ ගිලන් රථ වෙයි.

popular news
-
කෝලිත Wednesday, 10 April 2019 06:04 PM
ඔය වාහන ලෙඩක් නැතිව දුවන්න පුලුවන් අවුරුදු 4 යි....එතනින් එහාට නඩත්තු කර කර දුවනවට වඩා හොදයි මූදෙ ගිල්ලන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

