යුද හමුදාපති මරඳමඩු දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවක
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද (11) උදෑසන මන්නාරම් මරඳමඩු දේවස්ථානයේ සංචාරයක නිරත වෙමින් මඩු මාතා පිළිරුවක් තැන්පත් කිරීම හා රුක් රෝපණ වැඩසටහන් ක්රියාත්මක කිරීමක් සිදු විය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් යුද හමුදාපතිතුමන් පිළිගැනීමෙන් පසුව වන්නි ආඥාපති තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 61 වන සේනාංකයේ පූර්ණ සංවිධානත්වයෙන් අද දින මන්නාරම් මඩු දේවස්ථාන භූමියේ මී පැළ 45,000ක් රෝපණය කිරීමේ අවස්ථාවේ ආරම්භය යුද හමුදාපතිතුමන් අතින් සිදු විය.
යුද හමුදාපතිතුමන් හා වන්නි ආඥාපතිතුමන් ඇතුළු පිරිස මඩුමාතා පිළිරුවක් පෙරහැරකින් වැඩමවා මඩු දෙවස්ථානයේ තැන්පත් කිරීම සිදුවූ අතර එහිදී මඩු මාතා පිළිරුව භාරගනු ලැබුවේ මඩුදේවස්ථානයේ රදගුරු පෙපි සෝසෙයි හිමිපාණන් විසිනි.
මඩු දේවස්ථාන භූමියේ අලංකාරය හා ගෞරවය උදෙසා යුද හමුදාව විසින් ක්රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වෙනුවෙන් පළාතේ බැතිමතුන්ගේ මහත් ප්රසාදය හිමි විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

