ජනපති ගැන අසත්‍ය පුවතක් පළ කර සරසවි සිසුවාට ඇප
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
අදාළ සිසුවා අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝග ලබා දි ඇත.
අදාළ සිසුවා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග දි ඇත්තේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ජුනි 27වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරික්ෂණයකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු පසුගිය 15 වෙනි දින අත්අඩංගුවට ගනු ලැබීය.

popular news
-
Kumar Friday, 24 May 2019 08:13 PM
ලංකාවේ වගේ නොවේ මෙරටේ ඔය අසත්‍ය පුවත් වලට පොලිසිය කලබල වන්නෙ. පහුගිය කාලේ ජනාධිපතිතුමාට අපහස කල අය තවම අත්අඩංගුවේද? පළමුවෙනි සිරිසේන රජතුමාව මහජනයා ගෙදෙර යවන දිනය බොහොම ලඟයි නේද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

