ධීවර සංස්ථාව වැල්ලට
සෘජුවම ධීවරයාගෙන් සහ බෝට්ටු හිමියාගෙන්ම ලංකා ධීවර සංස්ථාවට මාළු මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන තංගල්ල ධීවර වරායෙන් හෙට [ 25දා ] උදෑසන ආරම්භ කිරීමට නියමිතය .
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ආරම්භ කරන මෙම වැඩසටහන සෙසු ධීවර වරායන් , තොටුපල වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු සැලසුම් කර තිබේ .
මේ යටතේ ධීවර සංස්ථා නිලධාරීන් වැල්ලට ගොස් ධිවරයාගෙන්ම මාළු මිලදීගැනීමට නියමිතය .ඒ සඳහා වන වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස අදාළ ධිවරයින් ලියාපදිංචි කිරීම සිදු කෙරේ .
එම ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අදාළ ධිවරයට හෝ බෝට්ටු හිමියාට සෘජුවම ලංකා ධීවර සංස්ථාව සමග කටයුතු කිරීමේ හැකියාව ලැබෙන අතර නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්න සම්පුර්ණයෙන් ධීවර සංස්ථාවට අලෙවිකිරීමේ අවස්ථාව ධීවරයින්ට හැකියාව උදාවේ.
මෙහිදී තරගකාරී මිළ තීරණය කිරීමේ අයිතිය ධීවර සංස්ථාව වෙත ලැබීමත් සමග අනවශ්‍ය ලෙස ජාවාරම්කරුවන්ට මිළ අඩු වැඩි කිරීමට ඉඩ නොලැබෙන අතර එමගින් ධීවරයට මෙන්ම පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිළ ක් හිමි වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

