saravita-anim2

2026 මැයි මස 08 වන සිකුරාදා

2026 මැයි මස 08 වන සිකුරාදා

Latest News - timelapse 10941 hours ago

LATEST

දකුණු අප්‍රිකානු ජනපති දිවයිනට

calendar_today 2019 ජුනි 27 - 13:51 remove_red_eye - 789  

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතා ජී.- 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය බලා යන අතරතුර , කෙටි සංචාරයක් සදහා අද (27) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබේ.

Read More

ඉන්දියාවේ කල්කටාවේ පිහිටි හෝමියෝපති ජාතික ආයතනය මගින් වාර්ෂිකව පිරිනමන හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදෑරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශය මගින් අයදුම්පත් කැඳවා ඇත.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එංගලන්තය සිය විරෝධය දක්වා තිබේ.

Read More

යුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපභෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑනින් යන්ත්‍රයක් ඇතුළු තවත් උපකරණ රැසක් සමඟින් අද (27) අලුයම අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

Read More

ඔහු පවසන්නේ මරණ දඬුවම යනු විසඳුමක් නොවන බවයි. එසේම ශ්‍රී ලංකා ජනතාවට මීට වඩා හොඳ දේවල් ලැබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

Read More

ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව නව නිර්ණායක සහ රේගුලාසි 2020 ජනවාරි මස 1වනදා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් පැමිණිලි 10ක් ඊයේ (26දා) දිනයේදී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඉරිපත් කර තිබේ.

Read More

රක්වාන, පොතුපිටිය ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

හිටපු නියෝජ්‍ය ‌පොලිස්පති අනුර සේනානායක මහතාට කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා බාර දුන්නේය.

Read More

මේ වසරේ ගතවූ මාස 7කට ආසන්න කාලයේදී හෙරොයින් කිලෝ 1029ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

තව සති කිහිපයක් තුළ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් පොදුජන පෙරමුණත් එක්ව අලුත් සන්ධානයක් ගොඩනගන බවද එහිදී ජනාධිපති අපේක්ෂකත්වය එක් පක්ෂයකටද අනෙක් පක්ෂයට අගමැති අපේක්ෂකත්වයද ලැබිය යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කරයි.

Read More

පොදුජන පෙරමුණ මැතිවරණ කටයුතු ආරම්භ කළ බව එම පක්ෂය නිවේදනය කරයි. ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිට සිය එකඟතාව පළ කර ඇති බවත් පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මුල්ලේරියාව පොලිස් වසමේ ගල්හේන පාර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බලපත්‍ර නොමැති සන්නිවේදන මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.

Read More

පෙළපොත් මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපය හා ප්‍රකාශය ඇතුළත් කිරීම නිසා රුපියල් කෝටි දහසයක මුදලක් අමතරව වැය වී තිබෙන බවට සිදුකරන ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ඉඩ කඩ ඇත්තේ 11000ක පිරිසකට වුවත් බන්ධනාගාර තුළ රඳවා ඇති සංඛ්‍යාව 24000ක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

රොන් මඩ ඉවත් කිරීම හා සෝදා හැරීම මගින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 800ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ රටට එරෙහි ක‍්‍රියා පිළිවෙත නිර්භයව පෙන්වා දුන් අස්ගිරි මහනාහිමියන්ට මේ විදියට පොලිස් පැමිණිලි ඉදිරිපත් කෙරෙන කොට මංගල සමරවීරලා කාදිනල්තුමන්ට එරෙහිව වතිකානුවට පැමිණිලි ඉදිරිපත් කරනවා.

Read More

ජාතික කිරි මණ්ඩලය හෙවත් මිල්කෝ මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති බවත්, තවදුරටත් දෛනික යෝගට් නිෂ්පාදන තීව්‍ර කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද (26දා) දිනය දක්වා දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 212 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව දුම්රිය ආරක්‍ෂක අංශය පවසයි.

Read More

විවිධ චෝදනා සහ විරෝධතා එල්ල කරමින් තමා වැරදිකරුවෙකු ලෙස සමාජයට පෙන්වීමට කුමන ආකාරයේ උත්සාහයන් ක්‍රියාත්මක වුවද රට වෙනුවෙන් කළයුතු කාර්යයන් කිසිසේත් අතපසු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සංවර්ධනයේ ලොකුම බාධාව උග්‍ර වාහන තදබදය බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

එසේම මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක් සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි මුදලක් ගෙවීමට ද, හානියට පත් දේපළ සඳහා වන්දි මුදල් ගෙවීමටත් රජය කටයුතු කරමින් සිටියි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය ලැබුණ දින සිට බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

රගර් ක්‍රීඩක මොහොමඞ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවු බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳවනු ලබන හෙයින් එම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබ ඇත.

Read More

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More

කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මේ වසරේ ජනවාරි මස ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවානාහි රෙග්ලා ආශ්‍රිත ගම්මානයක් ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් 50000ක (රුපියල් ලක්ෂ 89ක් පමණ) පරිත්‍යාගයක් කිරීමට නියමිතව තිබේ.

Read More

තම පදනම වසරකට අසරණ ජනතාව ලක්ෂ පහකට පමණ තම කුසගින්න නිවා ගැනීමට උපකාර කර ඇති බවත් එහිදී ජාතිය හෝ ආගම පිළිබඳව නොසැලකූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා, අඬලා වැඩක් නැති බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.