saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10812 hours ago

LATEST

බීමත් රියදුරන් 5497ක් අත්අඩංගුවට

calendar_today 2019 ජුලි 26 - 08:12 remove_red_eye - 151  

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (26දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5497ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 07 හෝ 08 වැනිදා කැඳවා ඇතැයි වාර්තා වේ.

Read More

අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ නොතබන බවත් අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොඳ අධිකරණයක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති බවද රජය නිවේදනය කරයි.

Read More

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට අද (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.

Read More

යාල ජාතික උද්‍යානයේ ජීවත්වන සතුන්ගේ ස්වාභාවික චර්යා රටාවන් හා වාසස්ථාන යථාතත්වයට පත්වීම සඳහාත් උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙනුත් මෙම කාල සීමාව තුළදී මූලිකත්වය ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නොබෝ දිනක දීම එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා හමුවීමට සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවීම හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිදු කිරිමට නියමිතය.

Read More

එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි.

Read More

පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (25) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එක්සත් ජාතික පක්ෂය මගින් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව ආණ්ඩුව අවසන් වීමේ කාරණයක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පුත්තලම නගරයේ අපජලය බැහැර කරනු ලබන මැලේරියා ඇළ තුළ තිබි මැගසින් තුනක් හා පතොරම් 30ක් අද ( 25 ) දින දහවල් හමුවි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

පාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරිමෙන් පසුව අද (25) වාරියපොළ හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත.

Read More

ඒ අනුව 2012 වසරේ සිට රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් ලෙස උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරීන් මෙසේ බඳවා ගැනෙයි.

Read More

කෑගල්ල පොලිස් වසමේ වෑවලදෙණිය රජමහා විහාරස්ථානයේ පවත්වන වාර්ෂික පෙරහැර හේතුවෙන් කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගයේ රංවල හන්දිය සිට මිපිටිය හන්දිය දක්වා ගමනාගමන කටයුතු සීමා කර ඇත.

Read More

උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිවුදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.

Read More

යුරෝපා සංගමයේ රටවල් ඇතුළු තවත් රටවල් 24ක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ’පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා’ (On Arrival Visa) නිකුත් කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.

Read More

අපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලයේ යනවා. ඒක නිසා මම බලාපොරෝත්තුවෙනවා කුලෙත් මගේ සමුගැනීමේ තරගයට නරඹන්නෙක් ලෙස හෝ මගේ අවසන් තරගය බලන්න සහභාගිවෙයි කියලා.

Read More

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදි මුදල් අවභාවිත කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කළේය.

Read More

අවසන් යුද්ධය පැවති මුලතිව් කරෙයිතුරෙයිපට්ටු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කල්ලපාඩු ප්‍රදේශයේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද නව නිවාස 50ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දින නිවාස ඉදිකිරිම් අමාත්‍ය සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Read More

මාධ්‍ය ඉදිරියේ මෙම ප්‍රකාශය ලබාදීම සිදුවිය. කාරක සභාවේ සාමාජිකයන් ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට කටයුතු කළේය.

Read More

මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

Read More

මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.

Read More

යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24දා) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

අමාත්‍යාංශ ඇතුළු සියලු රජයේ ආයතන තුළ ඒකාබද්ධ භාණ්ඩාගාර මෙහෙයුම් පද්ධතියක් (ITMIS) ක්‍රියාත්මත කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එරට පළවන ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.

Read More

තමාට වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.