පුද්ගලයින් ලක්ෂ පහකට හැඳුනුම්පත් නැහැ
මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ (3) කොළඹදී පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවක දී මේ බව පෙන්වා දුන්නා ය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මේ බව හෙළි වී ඇතැයි ඇය සඳහන් කළාය.
මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතා සිය අනන්‍යතාව සැඟවීමේ අරමුණින් ජාතික හැදුනුම්පත ඇතැම් අවස්ථාවල ඉදිරිපත් නොකරන බවද මෙම අධ්‍යයනයේදී හෙළිවි තිබේ.
මීට අමතරව විවිධ හේතු මත ජාතික හැදුනුම්පත් නොමැතිව සිටින පිරිස ලක්ෂ 4ක් පමණ වන්නේ යැයි අනුමාන කළ හැකි බවද ආරියංවශ මහත්මිය පෙන්වා දුන්නාය.
ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නෙමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම ආදී විවිධ හේතු මීට පාදක වී ඇති බව ඇයගේ අදහසයි. මෙම ජාතික හැඳුනුම්පත් නොමැති පිරිස අතරින් 87% ක් පමණ වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත් වන බව හෙළිව ඇත.
ජාතික හැඳුනුම්පතක් සඳහා වන අවශ්‍ය ලියකියවිලි නොමැති අය සඳහා අවම ලියකියවිලි යටතේ ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙළක්ද දියත් කර තිබේ.
එම වැඩසටහන විධිමත් අයුරින් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක කළ ද ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් උදාසීන තත්ත්වයක් දක්වා ඇති බව ද සුරංගි ආරියවංශ මහත්මිය අවධාරණය කළාය.
ජාතික හැඳුනුම්පත් ලබාදීම සඳහා වන ජංගම සේවා සඳහා පැමිණෙන බහුතරය තිබෙන හැඳුනුම්පත අලුත් කර ගැනීම, මැකී ගිය හෝ පළුදු වූ හැඳුනුම්පත් වෙනුවට නව හැඳුනුම්පත් ලබාගැනීම ආදී කටයුතු සඳහා පැමිණෙන බව කී ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නේ හැඳුනුම්පත් නොමැති පිරිස් එම ජංගම සේවා සඳහා පැමිණ ඇත්තේ මද වශයෙන් බව ය.
මැතිවරණ වලදී මෙම හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද එම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.
මෙලෙස මැතිවරණයක් පාසා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරිමට සිදුවීම නිසා රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද ඒ සඳහා ද වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බවද ඇය පෙන්වා දුන්නාය.
මෙම තත්ත්වය පාදක කරගනිමින් ඉදිරියේදී ජාතික හැඳුනුම්පත් රහිත පිරිස ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම දක්වා වන උනන්දු කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් වෙත ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ආරම්භ කිරීමට යෝජිත බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය 2013 වසරේ සිට 2015 වසර දක්වා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ජංගම සේවාවක් දිවයින පුරා පැවැත්වූ බවත් එහිදී ද ලක්ෂ 4කට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් ලබාදීමට හැකිවූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නාය.

popular news
-
dilal Wednesday, 04 September 2019 05:02 PM
මැතිවරණයක් ලන්වෙනකොට මේ ප්රශ්නය ගැන කතාකරනවා මැතිවරණය අවසන් වුනහම නැවත ප්රශ්නය යට යනවා.මේ සම්බන්දව ජනතාව දිරිගැන්වීමට මොකක් හෝ වැඩපිළිවලක් යෙදිය යුතුයි .එහෙම නැත්නම් වයස අවුරුදු 20 ඉක්මවන විට හැඳුනුම් Pathak නොමැතිනම් දඩයක් අයකිරිම වැනි දඬුවමක් පැනවිය යුතුයි.
Reply : 0 0
කල්පනා Wednesday, 04 September 2019 07:40 PM
හැඳුනුම්පත් නැත්තන්ට තාවකාලික හැඳුනුම්පත් සකස්කිරීමේ එක් වරදක් ලෙසට මෙය හඳුන්වන්න පුළුවනි.මම අත්දුටු කරුණක් කියන්නම්.මෙයට වසර 7 කට පෙර මම රජයේ කාර්යාලයක සම්මුඛ පරීක්ෂණ මංඩලයේ සිටියා.පැමිණි අපේක්ෂකයෙක් එදිනට මාස කීපයකට පෙර රත්මලාන ප්‍රදේශය පදිංචියට යොදු ලබාගත් හැඳුනුම් පතක් ඉදිරිපත් කලා.මේ අතර පරීක්ෂණයට පෙරදින මොහුට ග්‍රාම නිළධාරි සහතිකය දුන් නිළධාරියා දන්වා තිබුනේ ඔහු අවුරුදු 9 ක සිට නොකඩවා වෙනත් පළාතක වෙනත් දිස්ත්‍රික්කයක සිටින බවයි.එසේම එම පුද්ගලයා තාවකාලික හැඳුනුම් පත මගින් එක් දිස්ත්රික්කයකත් ජාතික හැඳුනුම් පත මගින් තවත් දිස්ත්රික්කයකත් ඡන්දය පාවිච්චි කර තිබුනාද සැක සහිතයි.තවත් දිසා වලත් එහෙම කලාද දන්නේ නැහැ.මෙනිසා වහාම ඡන්දය වෙනුවෙන් තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම නැවතිය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

