කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සඳහා ආයෝජන යෝජනා කැඳවයි
කොළඹ වරාය නගරයේ රජයට අයත් ගොඩකරන ලද ඉඩම්හි ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසල හා රෝහල ආදී කඩිනම් සංවර්ධන කාර්යයන් සඳහා උපායමාර්ගික ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීමට රජයේ අවධානය යොමුකර තිබේ.
මේ සඳහා ආයෝජන යෝජනා කැඳවීමට හා එම යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලව සමාලෝචනය කිරිම සඳහා සාකච්ඡා කමිටුවක් හා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට අදාළව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
කොළඹ වරාය නගරයේ අනුමත සංවර්ධන ප්‍රධාන සැලැස්ම හා සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව රජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහාය ඇතිව මෙම ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.
චීන ආයෝජනයක් ලෙසින් ක්‍රියාත්මක කොළඹ වරාය නගරයේ මුහුද ගොඩ කිරීම චීනයේ චීන වරාය හා ඉංජිනේරු සමාගම විසින් සිදුකළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
