කඩිනමින් රැකියා දෙන්න - බාහිර උපාධිධාරීන්
බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත බාහිර උපාධිධාරීහු පිරිසක් අද (04දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූහ.
2012 වසරේ සිට බාහිර උපාධිය ලබාගත් පිරිසට රැකියා ලබාදීමට රජය කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා අභ්‍යන්තර උපාධිධාරීන් බාහිර උපාධිධාරීන් කියා කොටස් දෙකකට වෙන් නොකර කඩිනමින් රැකියා ලබාදිය යුතු බවත් බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරයි.
බාහිර උපාධිධාරීන්ගෙන් කොටසකට මේ මස 03 වැනිදාට පෙර රැකියා ලබාදෙන බවට පොරොන්දු වුවද, එම පොරොන්දුවත් මේ වනවිට කඩකර තිබෙන බවද එම සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු මහේෂ් අබේපිටිය මහතා පැවසූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා



popular news
-
දමින්ද Wednesday, 04 September 2019 07:29 PM
පෞද්ගලික ආයතනවල ඕනෑ තරම් රැකියා ඇත (වැඩ පුළුවන් අයට පමණක්)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

