ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකායේ ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිකරමින් 2019 මැයි මස 19 වන දින සවස 0700 ට දීප ව්‍යාප්තව ආගමික ස්ථානයන්හි රජයේ/ පුද්ගලික ආයතන වල, සියළුම නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු / පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සැලසුම් කර ඇත.
ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.
Read Moreපසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
Read Moreරටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.
Read Moreතරගය එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.
Read Moreබන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.
Read Moreඅයි. එස්. අයි. එස්. සංවිධානයට යම් සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයෙකු අද (18දා) දහවල් ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
Read Moreබිංගිරිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධව අත්අඩංගුවට පත් පිරිසකට ඇප ලබාගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
Read Moreවලංගු වීසා බලපත්‍ර නොමැතිව ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
Read Moreමෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.
Read Moreෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ, යූටියුබ්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරිමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව අද (17දා) තීරණය කර තිබේ.
Read Moreවැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ ප්‍රක දේශයේ සංචාරය කිරීමේදි ආරක්ෂක රථ රාශියක් ගමන් ගැනීමේ වීඩියෝ දර්ශන පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්යත හා කැබිනට් නොවන ජනමාධ්යර අමාත්යග රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
Read Moreබලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 19ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 10,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් (16) දා නියෝග කරන ලදී.
Read Moreඅයිඑස් අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පාමින් පුත්තලම මුස්ලිම්වරුන් 1000ක් විදි පුරා සංචාරය කර අයිඑස් අයිඑස් ත්‍රස්තයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තිරයේ දැවැන්ත රැස්විමක් පැවැත්විය.
Read Moreඋද්ගතව පවත්නා තත්ත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreනවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්රබලයෙකු ( 17 ) අලුයම හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් වන බවත් පත්ව ඇති තත්ත්වයෙන් නඟා සිටුවීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.
Read Moreබුද්ධි අංශය දුන් තොරතුරු රජයක් ලෙස වගකීමෙන් ඉටු නොකළ හෙයින් මේ ව්‍යසනයට අපේ රට මුහුණ දෙන්න වුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreයුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ ආත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම හෙට (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියෝ කියා සිටිති.
Read Moreඑක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් ගෙනෙයි.
Read Moreජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හසීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ, ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙවර වෙසක් පොහොය දිනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් මෙම මස 18 දින ඥාතීන් පෙන්වීම සිදු නොකරන අතර ඒ වෙනුවට 19 හා 20 යන දින දෙක ඒ සඳහා වෙන් කර ඇත.
Read Moreනීතිවිරෝධි අයුරින් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
Read Moreමාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සේවයේ නියුතු සුළු සේවකයෙකුගේ පෞද්ගලික බඩු බහාලනයේ සඟවා තිබු අන්තවාදී දේශන ඇතුළත් ඩිවිඩි පට 48ක් හා සඟරා 04ක් සමඟ මුස්ලිම් ජාතික එම සේවකයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.
Read Moreමොරටුව පොලිස් වසමේ කටුබැද්ද දේවාලය පාර ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද (17) උදෑසන ගින්නක් ඇති වි ඇත.
Read Moreලුණුගම්වෙහෙර පොලිස් වසමේ කුඩා ගම්මාන ප්‍රදේශයේදි ඊයේ (16) රාත්‍රී 9.30ට පමණ සිදුවු වෙඩි තැබිමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කොට ඇත.
Read Moreපුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඊයේ (16 ) දින දහවල් පැමිණි කාන්තාවක් සන්තකයේ ජාතික හැදුනුම්පත් දෙකක් තිබි සොයා ගැනිමට එම ස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරත වු සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් කටයුතු කර තිබු අතර පසුව පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මුලස්ථාන පොලීසියට භාර දි ඇත.
Read Moreඅනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව විදේශ ඇමති ප්‍රකාශ කරයි.
Read Moreජාති ආගම් කුල හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමට නීති සකස් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
Read Moreත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් ඊයේ (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදි සැකකරුවන් දෙදෙනෙකු සමඟ මැදගම පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.
Read More