මධ්‍යම කඳුකරයේ වැසිබර කාලගුණ තත්ත්වය තරමක් පහව යයි
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාවට සමගාමිව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇලි වල ජල ධාරිතාවද ඉහළ ගොස් ඇත.
ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල විවෘත කර තිබු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති අතර විමසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිම නතර වි ඇත.
ඩෙවොන් ඇළ පිටාර ගැලිම නිසා කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක පිහිටි නිවාස 20 ක් පමණ ඊයේ (13) දින ජලයෙන් යට වි තිබු අතර අද අලුයම වන විට පහත් බිම් ජලය බැස යාම හේතුවෙන් එම නිවාස වල පදිංචිකරුවන් නැවත තම නිවාස වලට පැමිණ ඇත.


popular news
-
Kumar Wednesday, 14 August 2019 09:31 PM
වැස්ස වැටෙනවා කියන්නේ විදුලිබල මණ්ඩලයට සල්ලි වැහි වහිනවා වගෙ. ඇහුවොත් කියයි මේදිනවල ජනක යන්ත්‍ර ක්‍රියා විරහිත වෙලා කියල. විදුලිබල මණ්ඩලය අර දකුණු ඇමෙරිකාවේ ඉන්න මනුෂ්‍යයෙක් ගිලින්න හැකි ඇනකොන්ඩ කියන පිඹුරා වගෙ. ප්‍රගතිය බොහොම හෙමින්. ඒ සතවගේ නොවේ විදුලිබල මණ්ඩලයට නම් සල්ලි නම් අසීමිත ප්‍රමාණයක් ගිලදමන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

