කුලියාපිටිය මුලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්යම රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයාට කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධික
ඉදිරියේදී රජය මගින් වී වියළිම සඳහා වී වියළීමේ යන්ත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සකසමින් පවතින බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
Read More‘සිංහල, දමිල, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු‘ මැයෙන් අත්පත්‍රිකා බෙදීම සම අයිතිය ව්‍යාපාරය මගින් අද (22දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.
Read Moreජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.
Read Moreගර්භනී කාලයේ සති 28 න් පසු කුස තුළ මියයන දරුවන් සහ උපතින් දින 07 ක් තුල සිදුවන බිළිදු මරණ අඩුකිරිම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සදහන් වෙයි.
Read Moreඅතිඋතුම් පාප් වහන්සේගේ විශේෂ දූතයෙක් වශයෙන් ෆර්නැන්ඩෝ ෆිලෝනි කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreගම්පහ , ඉහළ ඉඹුල්ගොඩ පියරතන මාවතෙහි බෝක්කුවක් දෙපස තිබී ආරක්ෂක අංශ භාවිතා කරනු ලබන ජීව අත්බෝම්බ දෙකක් අද (22) සවස සොයා ගෙන ඇත.
Read Moreසැකකරුවන් යළිත් අධිකරණයට කැඳවන ලෙස වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ සිතාසි නිකුත් කළේය.
Read Moreමේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනහොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.
Read Moreඅගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහස වන ආකාරයෙන් බැණ වැදුණු විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා ඊයේ (21) නියෝග කළේය .
Read Moreහදිසි නීතිය තවත් මසකින් දිගු කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව ජනපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.
Read Moreහම්බන්තොට රන්මිණිතැන්නේ කෝකෝවා සංවර් ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.
Read Moreපකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ආ සරණාගතයින්ගෙන් පිරිසක් ජීවිතාරක්ෂාව වෙනුවෙන් පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරට රැගෙනවිත් ඇති බවටත් එම පිරිස් ඉතා සුළු කාලයකින් නැවත හිටපු රටටම හෝ තුන්වන රටකට යැවීමට රජය පියවර ගනිමින් සිටින බවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජානක රත්නායක මහතා පවසයි.
Read More2019 අයවැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක රුපියල් 2500 ක වැටුප් වැඩිවීම එළැඹෙන ජුලි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සඳහා වන චක්‍රලේඛය මුදල අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ තිබෙන සියලු මාර්ග හා මංමාවත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නම් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.
Read Moreමුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුමක් සමඟ මතුවූ අස්ථි කොටස් තිබූ ස්ථානයේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී කැනීම් ආරම්භ කල බවට මුලතිව් පොලීසිය පවසයි.
Read Moreයුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreමහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට ආරම්භ කළ දෙවන ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ පළමු නඩුව අද (22දා) විභාගයට ගැණින.
Read Moreඅන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදි කඩොලාන පැළ 4000ක් අද ( 22 ) දින රෝපණයට කටයුතු කල බව පුත්තලම දිසා වනකාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.
Read Moreමිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් ඇප මත මුදා හැරීම මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවි සාකච්ඡාවක් පැවැත්වු බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.
Read Moreවැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
Read Moreවිරුසර වරප්‍රසාද කාඩ්පතේ දෙවැනි අදියරක් ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහය ඇතිව ආහාර නිෂ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ වසර තුන හමාරක් තිස්සේ නිධන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (21) දින රාත්‍රියේ සැකකරුවන් හත්දෙනෙකු හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකල්මුණ, මරදමුණ ප්‍රදේශයේදී අන්තවාදී ක්‍රියා සඳහා සහාය දක්වන බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ
Read Moreදෙමටගොඩ හා කැලණිය දුම්රිය ස්ථාන අතර සිදුව ඇති සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read More