ආබාධිත රණවිරුවෝ මාරාන්තික උපවාසයකට සැරසෙති
දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි.
දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුවන්ට ලබාදෙන විශ්‍රාම වැටුප හා වැටුප වයස අවුරුදු 55 පසු වැටුප අහිමි කර විශ්‍රාම වැටුප පමණක් ලබාදෙන පවසා අද (19දා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට මෙම පිරිස් කටයුතු කළේය.
විරෝධතාවයෙන් පසු අදාළ සංගමයේ නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡාවක්ද නිරත විය.
එහිදී මේ මස 27 වන දින අදාළ ගැටළුවට විසඳන බවට පොරොන්දු වූ බවත්, පොරොන්දු කඩකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද එම සංගමයේ කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් මහතා සඳහන් කළේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු






popular news
-
Kumar Monday, 19 August 2019 09:18 PM
සහෝදර රණවිරුවනි ඔබලාගේ මාරාන්තික උපවාසය ගැන නැවත සිතා බලන්න. ඔබලා නැතිව ගියොත් දිනන්නෙ රජයි. දැන් ඉන්න දේශපාලඥයෝ කියන අයට ලැජ්ජාව කියා එකක් නැහැ. යුදයකට නොගිය මට සිතිය හැක්කෙ ඔබලාට දැනෙන වේදනාව ගැන පමණයි. ඔබලාට ජය පතමි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

