කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
යෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත වහාම අත්හිටුවා, ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වූ සංදේශයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19දා) කටයුතු කලහ.
Read Moreදිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි.
Read Moreශ‍්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෙස සාරා හල්ටන් මහත්මිය අද (19දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්තපත්‍ර භාර දුන්නාය.
Read Moreගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා මේ මස 22 වන දින පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට අද (19දා) දින තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2015 සිට මේ දක්වා ජනාධිපති බලය අපට තිබුණේ නැහැ. එමෙන්ම ස්ථාවර ආණ්ඩුවක් තිබුණේ නැහැ. එවන් පසුබිමක විවිධ අභියෝග හා අපහසුතා මධ්‍යයේ ආණ්ඩුව මෙතෙක් දුර ගෙනවිත් විශාල සංවර්ධන වැඩ කොටසක් සිදුකිරීමට අපට හැකිවුණා.
Read Moreනුදුරේදීම අධ්‍යාපන පද්ධතිය තුළ පෙළ පොත්, නිල ඇඳුම්, ගුරු මාරු ඇතුළු සමස්ත ක්‍රියාවලිය දත්ත පාදකයක් (Data Base) ඇසුරින් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනෙන බවත්, මේ නිසා මෙතෙක් එම ක්‍රියාවලීන් තුළ පැවති බොහෝ ගැටලු විසඳි, වඩාත් කාර්යක්ෂමව, නිවැරදිව හා පහසුවෙන් ඉදිරියේ දී මෙම කටයුතු සිදුකිරීමට, හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමෙම ව්‍යාපෘතිය යටතේ දුම්රිය ප්‍රවේශ පත් සහ ආසන වෙන් කිරීමේ පද්ධතිය, කොළඹ දුම්රිය පාලන කාර්යාලය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදිකිරීම, දුම්රිය පුහුණු මධ්‍යස්ථානය සඳහා පර්යේෂණාගාර සහ කර්මාන්ත ශාලා සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීම, මාලපල්ල දුම්රිය ස්ථානය අසල නිවාස 108කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.
Read Moreමරණාභිමුඛ වූ අයෙකුගේ හෝ අයවළුන්ගේ ජිවිතය/ ජීවිත බේරාගැනීමේ හෝ ආරක්ෂා කිරීමේ අරමුණ පෙරදැරි ව ස්වකීය ආත්මාරක්ෂාවට සිදුවිය හැකි උපද්‍රව පිළිබඳව නොතකා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමා විසින් ම කරන ලද වික‍්‍රමාන්විත වූ ද, අභිතභාවය ප‍්‍රදර්ශනය කෙරෙන්නා වූ ද ක්‍රියාවන් උදෙසා යුද, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය හා ස්වේච්ඡා බළසේනාවල නියුක්ත සෑම තරාතිරමකම පුද්ගලයන් වෙනුවෙන් සේනාධිනායක විසින් මෙම පදක්කම ප‍්‍රදානය කරනු ලබයි.
Read Moreඔහුට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතළ හා විශ්වාසනීය වන බවද එක්සත් ජනපදය කියයි.
Read Moreමෙය අද සිට 21 වන බදාදා දක්වා කොළඹ පැරණි ඕලන්ද රෝහල් පරිශ්‍රයේදී මහජනතාවට විවෘතය.
Read Moreනවක වද සිද්ධියක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනාගේ නඩුව අද (19) දෙවන වරට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාග කළ අතර එහිදි මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ආරියසේන පනන්ගල මහතා නියෝග කරනු ලැබුවේ ලබන 26 දක්වා සිසුන් 19 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය .
Read Moreජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් පැවැත්වෙන දෙවැනි රැළිය මාතරදී පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ 12 වෙනි දින අතුරුදහන් වු තිදරු පියෙකුගේ අස්ථි කොටස් කිහිපයක් තේ වතු යායක තිබි ඊයේ (18) දින හමු වු බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හැෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් හා අයිස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් කඳාන පුබුදුගම ප්‍රදේශයේදි සැකකරුවන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගැනීමට කඳාන පොලීසියට හැකිවිය.
Read Moreඌව කියන්නේ දුප්පත් මිනිස්සු ඉන්න පළාතක්. කාර්යාල වේලාවේදී නිළධාරීන් දුරකතනය බලාගෙන ෆේස්බුක්, වයිබර්, ඉමෝ,වට්ස්ඇප් වල ඉන්න බවට මට පැමිණිලි ලැබී තිබෙනවා.
Read Moreපළාත් සභා ඡන්දය එනව නම් ඒ එක්කම ඇති වන තත්ත්වය තමයි, අවුරුදු පහක ජනාධිපතිවරයාගේ ධූර කාලය කවද්ද පටන් ගන්නේ , කවද්ද අවසන් වෙන්නේ කියන එක.
Read Moreනැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත්විය.
Read Moreපිංබර ටිකිරි, මෙතුවක් කල් උතුම් දළඳා පෙරහැර වර්ණවත් කලාට ඔබට පිං. විශ්‍රාමික ඔබෙන් හිස්වූ ඒ හිඩැස නුදුරේදී තරුණ ඇතෙකු සපුරනු ඇත ... ඒ දෙස බලා ඔබ සතුටු කඳුලු හෙලනා බව විශ්වාසය
Read Moreශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19දා) උදෑසන මෙම ඡයාරූප ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමත අතර, මෙලෙස ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ප්‍රථම අමාත්‍යවරයා වන්නේද පාඨලී චම්පික රණවක මහතායි.
Read Moreඑජාප ජනපති අපේක්ෂක තීන්දුව ගැනීමට මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වන දිනය ගැන අද තීන්දුවක්?
Read Moreතමාගේ දේශපාලනය වැටී නොමැති බවත්, එසේම, මෙරට ආර්ථිකය වැටෙන්නට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දු කළත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් බහුතරයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreවර්තමානයේදී මුස්ලිම් ජනතාව කොන් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් සිංහල රජවරුන්ට මුස්ලිම් ජනතාව ගැන විශල විශ්වාසයක් තිබුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreමේ වගේ අමාරු විකට්ටුවක ශතකයක් ගහන එක ලොකු දෙයක්. ඒක ඉදිරි තරගවලට වටිනවා. මම කවදාවත් කාටවත් බනින්නේ නෑ ෂොට් එකක් ගහලා දැවී යනවට.
Read Moreඑහිත් තිබුණා ‘හදිසි අවස්ථාවක ඇමෙරිකානු හමුදාවලට පැමිණිය හැක’ කියා. නමුත් වැදගත්ම දේ තමයි එදා ඇක්සා ගිවිසුමේ තිබූ අවසන් වාක්‍යය. ඒ තමයි ‘මේ ගිවිසුම බලාත්මක වීම සඳහා තවත් ගිවිසුමක් අත්සන් තැබිය යුතුයි’ යන්න.
Read Moreජාතික ජන බලවේගයේ රැළිය අද (18) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.
Read More