උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය
යෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත වහාම අත්හිටුවා, ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වූ සංදේශයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19දා) කටයුතු කලහ.
අනතුරැව උසස් අධ්‍යාපන අමාතයංශ ලේකම්වරයා විසින් අදාල විෂය සම්බන්ධ වූ අතිරේක ලේකම්වරයෙකු සමඟ වූ සාකච්ඡාවක් උන්වහන්සේ වෙත ලබා දුන් අතර එහිදී එම අතිරේක ලේකම්වරයා පවසා තිබුණේ මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කර විධිමත් පියවරක් ගැනීමට කටයුතු යොදන බවයි.
මෙම යෝජිත පනත් කෙටුම්පතෙහි අහිතකර තත්ත්වයන් පැහැදිලි කරම්න් වූ ලිපියක් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුලු අමාත්යවුන් වෙතද පූජ්‍ය ආනන්ද සාගර හිමියන් විසින් යොමු කරන ලදී.
ඡායාරූපය- ඒශාන් ප්‍රනාන්දු

popular news
-
Dayan Monday, 19 August 2019 05:51 PM
තවත් නළුවෙක්.
Reply : 0 0
ruwani Tuesday, 20 August 2019 10:27 AM
මෙයා අධ්‍යාපන විශාරදයෙක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

