saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 10206 hours ago

LATEST

SLFP අයෙක් වෙනත් පක්ෂයක සංවිධායක ධුර ගත්තොත් විනය ක්‍රියාමාර්ග

calendar_today 2019 ජුනි 20 - 17:40 remove_red_eye - 551  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වෙනත් පක්ෂයක හෝ පෙරමුණක සංවිධායක ධුර ලබාගැනීමට කටයුතු කළහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

සාගර විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එන්.පී. රත්නායක මහතා පත් කෙරේ.

Read More

මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.

Read More

පොලොන්නරුව දිඹුලාගල මිහිඳු පෙරහැර නැරඹිමට ගොස් නැවත ගමන් කරමින් සිටියදි කොළකනාවාඩිය ප්‍රදේශයේ දි සිදු වු ට්‍රැක්ටර් -වෑන්රථ අනතුරෙන් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි තවත් අයෙකු අද (20දා) දින මියගිය බව වැලිකන්ද පොලීසිය කියයි.

Read More

මුදල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් අද (20දා) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 65000ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20දා) ඉදිරිපත් කළේය.

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 සැතපුම් කණුව අසලදි පිළි පැනිමට ලක් වි ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

අපි වගේ සිංහල ව්‍යාපාරිකයෝ නැති කරන්න එපා. ලෝකයේ කොහෙවත් රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වත්කම් තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවරා ගන්නේ නෑ.

Read More

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සුළු වැරදි සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අදාළ පරික්ෂණ කඩිනම් කර ත‍්‍රස්තවාදයට සම්බන්ධ නොවන සියලු දෙනා නිදහස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දෙයි.

Read More

වත්මන් ආණ්ඩුව තරම් ගමට වැඩ කළ ආණ්ඩුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුව සංවර්ධනය නොකළ ගමක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

කුලියාපිටියේ වෙන් කළ ඉඩමට වොක්ස්වැගන් සමාගම නොඑන බවත් වෙනත් කීර්තානාමයක් සහිත ආයතනයක් ගෙන්වා ගැනීමට ආයෝජකයා කටයුතු කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.

Read More

කාන්තාවක (නාලිකා නිල්මිණී - අවුරුදු 37 - වැලිපිල්ලෑව, දැඩිගමුව) හා ගැහැණු දරුවෙක් (හිරුණු ආශානා - අවුරුදු 7 - හක්මණ, මාතර) ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ ආසන්නයේ පිහිටි අනවසර වෙළදසැල් කිහිපයක් ආවරණය කිරීමට යොදා තිබූ ඉටිරෙදි ඉවත් කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ රාජකාරියට බාධා කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිහින්තලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළේය.

Read More

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉසුර දේවප්‍රිය මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ.

Read More

මහත්මාගාන්ධි තුමාගේ 150 වෙනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙන් රුක් රෝපණ වැඩසටහනක් අද (20) නුවරඑළිය රම්බොඩ ඩන්සිනන් වතුයායේ ඉදි කරන ලද මහත්මාගාන්ධිපුර නව ගම්මානයේදි සිදු කෙරිණ.

Read More

තමා හෝ තමාගේ පවුලේ හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු තවුහිද් ජමාත් සංවිධාන සමග සම්බන්ධ වී සිටින බවට හැකිනම් ඔප්පු කරන ලෙස බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට අභියෝග කරන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පාර්ලිමෙන්තුවේදී අද (20දා) පැවසීය.

Read More

හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ වටිනා ශාක කොටස් ගලවා ඉවත් කිරීම ඇතුළු චෝදනාවන් හතකට වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් එක් ලක්ෂ හතලිස් දහස බැගින් රුපියල් හාර ලක්ෂ විසිදහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (20) නියෝග කරන ලදි.

Read More

රුසියාවේ පැවැති 10වැනි අන්තර්ජාතික ආරක්ෂක ගැටලු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවේදී රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් යුරී කෝකෝව් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් සැලසුම් කර ඇති බවයි.

Read More

මත්ද්‍රව්‍ය භාවිතයට හා ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරකම ජුනි මස 26 වැනි දිනට යෙදී ඇත.

Read More

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් තර්ජනයකට ලක්ව ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

උතුරු මැද, උතුර සහ වයඹ පළාත් ආශ්‍රිත අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, කුරුණෑගල, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල අබලන්ව ඇති ග්‍රාමීය වැව් 325ක් පිළිසකර කිරීමේ ,වැව් ගම් පුබුදුව, වැඩසටහන කඩිනම් කර අදාළ ප්‍රදේශවල ගොවි ජනතාවට සලසන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන #oneday4children (එක් දිනක් දරුවන් වෙනුවෙන්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය දාකත්වය ලබාදී තිබේ.

Read More

ඩයගම සිට කොළඹ දක්වා තේ වෙන්දේසිය සඳහා තේ කොළ ප්‍රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක් ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදු වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read More

ඉන්දියාවේ කොයිම්බතොර්හි පන්සල් හා පල්ලිවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථ සංවිධානයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කන්තලේ සීනි සමාගමේ අබලි යකඩ හා ගොඩනැගිලි ඉන්දීය ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා රුපියල් කෝටි දෙකක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විශේෂ මහාධිකරණය - 01 හි නඩු පැවැරීය.

Read More

මධ්‍යම කඳුකරයට අද (20) උදැසන ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

Read More

රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා නියමිත වාහන ප්‍රමාණයට වඩා වාහන 24ක් භාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ජූලි පළමුවන දින සිට සිදුවිය යුතු ජාතික බස් ගාස්තු සංශෝධනයේදී රුපියල් 12ක්ව පවතින අවම ගාස්තුව රුපියල් 15ක් කරන ලෙසට රජයට යෝජනා ලබාදුන් බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් බස්නාහිර වෙරළබඩ ප්‍ර දේශ වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.