saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 10185 hours ago

LATEST

පාර්ලිමේන්තු කාරක සභාවට රිෂාඩ්, යුදහමුදාපති ගෙන්වයි

calendar_today 2019 ජුනි 25 - 09:09 remove_red_eye - 688  

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභා සභාව හමුවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හෙට (26) දින කැඳවා සාක්ෂි විමසීමට නියමිත බව වාර්තා වෙයි.

පසුගිය වසරේදී ඉහළ දැමූ පොලිස් නිලධාරීන්ගේ සංයුක්ත දීමනාව ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩු පැවරීම අනුමත කරමින් පොලිස් නිලධාරීන් හැටපන්දහසක් ලිපි එවා තිබෙන බව පොලිස් ඥාති සංසදය සඳහන් කරයි.

Read More

රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන්, දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

කුලියාපිටිය ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීම සඳහා රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගත්‘පොහොට්ටුව පක්ෂය’ ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් දැරීම දේශද්‍රෝහි ක්‍රියාවකැයි පැවසීම තම වාසිය සඳහා කබරගොයා තලගොයා කර ගැනීමේ න්‍යාය අනුගමනය කිරීමක් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

බලපිටිය අපිරිසුදු හෝටලයක් පවත්වාගෙන ගිය එහි හිමිකරු බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් එස් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු අගෝස්තු දොළොස් වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය .

Read More

හැම කෙනාටම තම තමන්ගේ ආගමික ඇදහිලිවලට අනුව තම තමන් ජීවත්වන ප‍්‍රදේශවලට අනුව වෙන වෙනම ප‍්‍රධාන නීති පවත්වාගෙන ගියහොත් රටක් ඉදිරියට යන්නේ නෑ.

Read More

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කර ඇති මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් සකස් කළ කමිටු වාර්තාව හෙට (25දා) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

හිටපු LTTE බුද්ධි සාමාජිකයින් තිදෙනා ඇතුළු පිරිසක් විසින් අත්අඩංගුවේ සිටි සෙබලුන් 26 දෙනා මුලතිව් විශ්වමඩු , වල්ලිපුනම් හි රහසිගත බුද්ධි කඳවුරකදී වෙඩිතබා ඝාතනය කොට සීනි සහ පෙට්‍රල් යොදා සිරුරු ගිනිතබා තිබූ බව ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දනුම් දුන්නේය.

Read More

එක් අයෙකුගෙන් රුපියල් මිලියන 500 බැගින් වන්දි ඉල්ලමින් අමාත්‍යවරයා මෙම නඩු ගොනුකර තිබේ.

Read More

ලංකාවේ දරුවන්ගෙන් මන්දපෝෂණය තුරන් කිරීම සහ ධාරණ ශක්තිය දැමීම සඳහා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නිෂ්පාදනය කොට පාසැල්වල දරුවන්ට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරයා ජනතාවගේ අදහස් හරහා නොගනගන ජාතික ක්‍රීඩා ප්‍රතිත්තියක් වෙනුවෙන් අදහස් ලබාගැනීම මේන විට ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාස්තු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව වහාම අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට නියම කළේය.

Read More

අපි බලයට පත්වුණාම අනිවාර්යෙන්ම ස්ථාවර ආණ්ඩුවක් ගොඩ නගන්න බැරි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා යැයි පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන ආ ශ්රීි ලාංකික ගුවන් මගීන් සිවු දෙනෙකු අද (24) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වඳ භාවයට පත්කිරීමේ දඬුවම් ලැබිය හැකි වරදක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

නිවසකට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30ට අධික දේපළ අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කල ඉල්ලීමක් සලකා බැලූ තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ රමිලා නදීෂානි මහත්මිය සියලු සැකකරුවන් ලබන ජූලි මස 8 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (24) නියෝග කළාය.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 10000ක පමණ පාඩුවක සිටින බව විදුලි බල අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.

Read More

මේ සමෘද්ධිය දෙන්නේ ඡන්දේ ගන්න නෙමෙයි, එදා දේශපාලන අතකොලු බවට පත් නොවුණු නිසා සමෘද්ධිය නොලැබුණු මිනිසුන් වෙනුවෙන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි.

Read More

කෙසේ වෙතත් 19 (ව්‍යවස්ථා සංශෝධනයේ) හානිය එතුමට තේරුණ එක ගැන ස්තූතිවන්න වෙන්න ඕන. දැනුත් පරක්කු වැඩියි.

Read More

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් නිල්වලා ගඟේ ජලය ශ්‍රීඝ්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච් .බි අශාන්ති මහත්මිය පවසයි .

Read More

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී බව සඳහන් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 31 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24දා) තීන්දු කළේය.

Read More

ඉන්දුනීසියා මුහුදේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇතිවීමේ බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Read More

ජනතාවට සමෘද්ධි ආධාර ලබා දුන්නා කියලා ඔවුන්ගේ දුප්පත්භාවය නැති කරන්න සාර්ථක විසදුමක් වෙන්නේ නැහැ.

Read More

’මේක සික්ස් පැක් (Six Pack) ගැන දෙයක් නෙමෙයි. මේක දක්ෂතාවය පිළිබඳව දෙයක්. ලසිත් මාලිංග තමන්ගේ දක්ෂතාව පෙන්වූවා.’

Read More

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කොළඹ සිට මඩකපුව බලා ධාවනය වන මගී දුම්රියට අද (24දා) අලුයම ගල්ඔය සුසාන භූමිය අසළ දී දුම්රිය මාර්ගය හරහා ගමන් කරම්න් සිටි ඇතින්නක්ට ගැටී මරණයට පත්ව ඇති අතර තවත් අලි පැටවෙක් බරපතල ලෙස තුවාල ලබා තිබේ.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

Read More

හොරණ නගරයේ මාර්ගවල ක්‍රියාත්මක තනි දිශාවට රථවාහන ධාවනය කිරීමේ නීතිය ඉවත් කරන මෙන් ඉල්ලා හොරණ ව්‍යාපාරික සංගමය සහ හොරණ නගරවාසීන් එක්ව විරෝධතාවක් අද (23) ආරම්භ කර ඇත.

Read More

යාපනය නගර මධ්‍යයේ ව්‍යාපාරිකයෙකු විසින් අතුරු මාර්ගයක් අවහිර වන අයුරින් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැයි කියමින් එයට විරෝධය පා වෙළඳසැල් හිමියන් ඇතුළු පිරිසක් ඊයේ (22) දින විරෝධතාවයක නිරත වූහ.

Read More

බදුල්ල ෆාතිමා කාන්තා විද්‍යාලයේ අධීක්ෂණ රාජකාරි සඳහා පැමිණ ඇති අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එම විදුහලේ විදුහල්පතිනියගේ කාර්යාල කාමරයේ තිබූ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු කීපයක් අනවසරයෙන් රැගෙන ගොස් ඇති බවට එම පාසලේ විදුහල්පතිනිය විසින් පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙතද පිටපත් සහිතව ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිඛිතව පැමිණිලි කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.