සජිත් අපේක්ෂකයා නොකළහොත් එජාපයේ අවසන් දවස අදයි - අලුවිහාරේ
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලය 26දා රැස්වන බවත් එහිදි ජනපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බවත් එසේ නොවුණහොත් එක්සත් ජාතික පක්ෂයේ අවසාන දවස අද වන බව සංචාරක සංවර්ධන වනජිවි රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ගොංගාවල බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු රංජිත් අලුවිහාරේ මහතා ,
අවුරුදු ගණනාවක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමෙන්තුවේ මන්ත්‍රිවරුන් කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකයින් 26දා ජනපති අපෙක්ෂකා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරනවා. පසුගිය කාලයේ සරත් ෆොන්සේකා මහතාටත් මෛත්‍රිපාල සිරිසේන මහතාටත් කොන්දේසි දැම්මා. හරියට පත්වුයේ නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අවසාන දවස අදයි. සියලු දෙනා එකතු වෙලා පාක්ෂිකයින් විකල්පයකට යනවා හරි කෙනා නම් නොකළහොත් ඒ දේ වෙනවා.
අවුරුදු 20ක් තිස්සේ අපි දුක් වින්දා.පාක්ෂිකයින් දුක් වින්දා. මේ ආණ්ඩුව ගම් මට්ටමේ වැඩ කරපු ආණ්ඩුවක්. රජයේ සේවකයින්ට අපි වැඩ කළා. වැටුප් වැඩි කළා. ඇතැම් මාධ්‍ය අපි ඒ ප්‍රයෝජනය ගත්තේ නැහැ. මාධ්‍ය වැරදි දේවල් ප්‍රචාරය කළා. වැඩවර්ජනය කිරිම සාමාන්‍ය දෙයක්. මැතිවරණයක් ළග එන කොට මේ දේවල් වෙනවා. දුප්පත් ජනතාවට සේවය කිරිමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරනවා. ජයග්‍රහණය කර අපි ජනතාවට සේවය කරනවා යැයිද අලුවිහාරේ මහතා පැවසිය.
රත්තොට - රුවන් ධනංජය

popular news
-
wimal Thursday, 26 September 2019 12:58 PM
ඔබතුමන් ලගේ පරමාර්ථය පාක්ෂිකයාගේ දුක් ගැහැට නිමා කිරීමද? රටේ හොද දේපාලන සංස් කෘතියක් බිහිකොට පොදු ජනතාවගේ දුක් නිවීම නොවේද?? හරි ෂොක්.
Reply : 0 0
Devinda Uduwara Thursday, 26 September 2019 07:53 PM
Don't talk trivia.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

