එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී රැස්වීම අද
එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩලට අද (26දා) සවස පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතු බවට මෙහිදී යෝජනා කිරීමට සූදානමක් පවතින අතර, එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස ඔහු පත් කිරීමට වැඩි ඉඩක් පවතින බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස නම් කළහොත් ඔහු විසින් මෛත්‍රීපාල සිරිසේන මහතාව සම්බන්ධ කර නොගත යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පිරිසක් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය රුස්වීම බොහෝදුරට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත ඇති අතර, අද (25දා) නම් කරන අපේක්ෂයා ඉදිරි සතියේදී දැවැන්ත රැලියක් පවත්වා රටට හඳුන්වාදීමටද එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර ඇතැයිද වාර්තා වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
