සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 30දා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය ලබන 30 වැනිදා එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව සැලසුම් කර තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රධානියා ලෙස කටයුතු කරන එම ප්‍රතිපත්ති සම්පාදක කමිටුව, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය ඇමතිවරුන් ඇතුළත්ව විවිධ ක්ෂේත්රවලට අයත් විශේෂඥයෝ ගණනාවක් සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
මෙම කමිටුවේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවී ප්‍රතිපත්ති ප්රකාශනයේ කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර, පක්ෂ නායකයන් ඊට අනුමැතිය ලබාදී ඇතැයිද වාර්තා වේ.
මෙම අවස්ථාවට රාජිත සේනාරත්න, රවී කරුණානායක, චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පිරිසක් සහභාගි වී තිබේ.

popular news
-
සිරිබිරිස් Friday, 25 October 2019 04:11 PM
බොහෝ දෙනෙක් කරන්නේ කෙනෙක් හදන ප්‍රතිපත්ති ප්‍රකාශ බලා එයට තවත් සංශෝධන එකතුකිරීමයි.අපි ඡන්දය පාවිච්චි කලයුත්තේ ඉදිරිපත් කරන ප්රතිපත්තිවලටයි.මම නම් හිතාන ඉන්නේ 2019.11.01 දිනට පෙර ලැබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියවා එය රටට ගැලපේනම් පමණක් එය සැකසූ අපේක්ෂකයාට ඡන්දය දීමටයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

