ගෝඨාගේ කථා කිසිම ගලායෑමක් නෑ - හිරුණිකා
හිටපු ආරක්ෂක ලේකම් ගේඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කාන්තාවන් වැඩ කරන ආකාරය පිළිබඳව තමන්ට හිතා ගැනීමට බැරි බව පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
අද (24දා) සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසීය.
“රාජපක්ෂ වියරුවෙන් රට බේරා ගැනිමට තිබෙන අවසාන අවස්ථාව මෙයයි. මට වගේම සිද්ධියක් තමයි අහිම්සාට (ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග) වෙලා තිබෙන්නෙත්.
2015 දී මම ගත්ත ලොකු තීරණය ගැන අහන්නවත් කෙනෙක්වත් මට නෑ. මම තනි ගමනක් ආවේ. දැන් විදුලි පුටුවක් ගැන කථාවක් නෑ. දැන් ඒ ටැග් ලයින් එක ඉවරයි. එක් දැන් පුහු තර්කයක්.
අපි එතුමව බේරගෙන ආවා. අපි රණවිරුවන්ගෙන් පළි ගන්නේ නෑ. රණ විරුවන් වෙනුවෙන් වෙනමම වැඩසටහන් මාලාවක් හඳුන්වා දී තිබෙනවා.
2015ට සල්ලි දීලා සහරාන්ව ප්‍රවර්ධනය කළේ පසුගිය ආණ්ඩුවයි. ආචාර්ය දයාන් ජයතිලක මහතා මේ ගැන පැහැදිලිව කියලා තිබෙනවා. දැන් අර වඳ දොස්තර කෝ. ඒ ගැන කතාවක් නෑ නේද? ඇයි ජනපතිවරණයක් ඔන්න මෙන්න තිබියදීම මේ වගේ දෙයක් වෙන්නේ.
ගෝඨාභය රාජපක්ෂගේ කතා කිසිම දැක්මක් නෑ. මෙලෝ කෙනෙකුට අහන් ඉන්න බෑ. කිසි ගලා යෑමක් නෑ. සමහර කතා වෙව්ලනවා.
ජනපති අපෙක්ෂකයෙකුට තමන්ගේ හිතේ තියෙන දේ ජනතාවට දෙන්න බැරිනම් වැඩක් නෑ.“
popular news
-
Karuna Friday, 25 October 2019 04:03 AM
පව් හිරුනිකා! ඔය ඉන්න තැන අපට හොත ගන්න පුළුවන්. අර ප්රෙමදසත් යන්න සුදානම් කියප්ය් විදුලි පුටුව නැහැ කියලද ඔබ කියන්නේ? ඔබ තර මන් වී ඇති බවක් මට පෙනේ.
Reply : 0 0
Abilin Friday, 25 October 2019 08:55 AM
කතා කරනකොට ගලනවානම් එක ලෙඩක්!
Reply : 0 0
Daham Friday, 25 October 2019 10:18 AM
ගලායාමක් නැතිවුනත් තමන්ගේ කෙනාගේ කතා වගේ ගොන් කතා නොවේ .
Reply : 0 0
nimal Friday, 25 October 2019 06:35 PM
ගෝඨාට කොහොමත් ගලන ලෙඩක් නැහැ කියන අයටනම් ගලනවා ඇති . මෙලෝ රහක් නැහැ මෙයා. සුළගේ කියවනවා සජිත්ව ජනපති කරන්ඩ . බම්බුව තමා. ගෝඨාට ජය වේවා !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
