saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9712 hours ago

LATEST

කෝටි පහක රන් කටුනායකදී අත්අඩංගුවට

calendar_today 2020 ජන 23 - 13:40 remove_red_eye - 364  

රුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු අද (23දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමක් ව්‍යාජව ලබාගෙන ඒ සඳහා වංචනිකව ඔප්පු සකස්කර වෙනත් පුද්ගලයෙකු අලෙවි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහෙයුරෙකු වන රිස්වාන් බද්යුදීන් මහතා එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රිෆ්ඛාන් බද්යුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුව අමතා රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි හඬපට සම්බන්ධයෙන් කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

2019 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 93 වැනි ස්ථානයේ පසුවන අතර 2018 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 89 වැනි ස්ථානයේ පසුවිය.

Read More

ඒ අනුව 2020 වසර නිම වීමට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම අවසන් කරන බවත් ඔවුන්ට නායකත්වය හා වෘත්තීය පුහුණුවක් ලබාදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැය 5.30ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

Read More

වී මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුත් වී කිලේවක් රුපියල් 50ක මිලයක් යටතේ මිලදී ගැනිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒ යටතේ ඇති බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ විෂමාචාරයන් මෙන්ම එම මණ්ඩලයේ හා ඒ යටතේ ඇති ඩිපෝවල කටයුතු පිළිබඳව මහජනතාවගෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් ඊයේ (22දා) පත්කර තිබේ.

Read More

සමන්තුරය පොලිස් වසමේ සෙන්නල්ග්‍රාමය ප්‍රදේශයේදී සමන්තුරේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් සමග ජීව උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිස් අධිකාරීවරයෙක් ඇතුළුව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් කිහිප දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හා සෝපා ගිවිසුම අහෝසි කරගැනීමට මහ පාරට පැමිණෙන බවට විපක්‍ෂ නායකවරයා අද සඳහන් කළත් මෙම ගිවිසුම පිළිබඳව කටයුතු කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

Read More

ආර්ථික බුද්ධි ඒකකය (EIU) විසින් වාර්ෂිකව ගණනය කරන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ප්‍රගතියක් ලබාගෙන තිබේ.

Read More

රටවල් කීපයක ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා අසාදිතයින් කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණිම වැලැක්වීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අනුව පෙබරවාරි මස මුල් සතියේදී පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ.

Read More

වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පැවසුවාය .

Read More

කිරිපිටි ආනයනය සීමා කිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනිමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Read More

ඔබේ ඡන්දෙන් දැන් කනේ පහර සිරිකොතට වැදි ඇති බවත් ඒ නිසා එක ඇතුලේ දැන් තොයිලයක් නටනවා වාගේ යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trail At Bar) සිතාසි නිකුත් කළේය.

Read More

රී ලංකාව තුළ හෝ ජාත්‍යන්තරය තුළ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසීය.

Read More

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

Read More

ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරිමට යොදාගත හැකි හරිතප්‍රද (ක්ලෝරොපිල් - Chlorophyll) විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබද ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසී දැනුවත් කරන ලදි.

Read More

උපාධිධාරීන් පනස් දහසකට මාර්තු 1 වන දින රැකියා ලබාදෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් එම ලබාදෙන බව කී රැකියා ප්‍රමාණය මේ වන විට 35,000 දක්වා අඩුකර තිබෙන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

යාපනය පන්නෙයි කොටුව අසලදි අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කොට පළා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

Read More

කිරි කර්මාන්තකරුවන්ගේ සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු පිලිබද සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයට පැමිණි කර්මාන්තකරුවන් පිරිසක් හා අමාත්‍යංශයේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා.

Read More

මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාර්තාවෙන් ඇතැම් කොටස් ඉවත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.