MCC හා SOFA ගැන කටයුතු කළේ යහපාලන ආණ්ඩුවයි
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හා සෝපා ගිවිසුම අහෝසි කරගැනීමට මහ පාරට පැමිණෙන බවට විපක්ෂ නායකවරයා අද සඳහන් කළත් මෙම ගිවිසුම පිළිබඳව කටයුතු කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම කාලයේදී මේ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා නොකළ බවත් මෙම ගිවිසුම අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙම ගිවිසුම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් පසුගිය ආණ්ඩු සමයේදී ගෙන ආ මෙම ගිවිසුම අහෝසි කිරීමට යම්කාලයක් ගතවන බවද කියා සිටියේය.
මේවා අහෝසි කිරීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා කතා කිරීමට තිබුණේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී බවත් එසේ නොකර දැක්වීම නොගැළපෙන බවද අද (22 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

-
Champa Wednesday, 22 January 2020 11:33 PM
පට්ට බොරුවක්. එහෙම ගිවිසුමක් අත්සන් කලේ නැහැ. එහෙම අත්සන් කළා නම් පොහොට්ටු වේදිකාවේ කියන්නේ වහල් ආණ්ඩුව අත්සන් කරපු MCC SOFA ගිවිසුම් අහෝසි කරන්න බලය දෙන්න කියල. එහම කිව්වේ නැහැ. කිව්වේ MCC SOFA ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියල. දැන් යූ ටර්න් ජනාධිපතිට රට පාවා දෙන්න උදව්වට වචන වෙනස් කරනවා. ඇමරිකන් තානාපති කිව්වා ජනාධිපතිවරනෙට ඉස්සෙල්ල අත්සන් කරන්නේ නැහැ ජනතාවගේ කැමැත්ත නැතුව අත්සන් කරන්නෙත් නැහැ කියල. දැන් ඇලිස් වෙල්ස් ඇවිල්ලත් ඒකම කිව්වා චන්දෙන් පස්සේ ඒ ගිවිසුම ගැන කතා කරන්නේ කියල. ඒ කියන්නේ යූ ටර්න් ජනාධිපති MCC සොෆ ගිවිසුම් අත්සන් කරන්න හොරෙන් කැමති වෙලා තියෙනව. තොපි ඔක්කොම දේශ ද්‍රෝහියෝ. වහල් ආණ්ඩුවටත් වඩා දේශද්‍රෝහියෝ. දේශද්‍රෝහියෙක් කියල මමම කියපු රනිල්ටත් වඩා දේශද්‍රෝහියෝ. 2015 ඉඳන් සිංහල බෞද්ධ ජනතාව එකමුතු වුනේ රට පාවා දෙන එක නවත්තන්න. දැන් සිංහල බෞද්ධ චන්දෙන් බලයට ඇවිල්ල ඒ ජනවරමම රට පාවා දෙන්න පාවිච්චි කරන යූ ටර්න් ආණ්ඩුවේ තොපි කවුරුවත් නැවත ලංකාවේ ඉපදෙන්න නම් එපා. බුදු දහම ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා නම් මේ මහා පාවා දීම කරන්න ඉඩ දෙන්නත් එපා.
Reply : 0 3
Hema Thursday, 23 January 2020 01:55 PM
චම්පා, මට පුදුමඊ ඒ වගේ සන්තොසෛ ඔයාගේ යු ටර්න් එකට. ඔබ ඇත්ත ඇති සැටියෙන් දැකල කොමෙන්ට්ස් ලියන කෙනෙක්.
Reply : 0 0
Champa Thursday, 23 January 2020 06:22 PM
දේශපාලකයෝ පාට මාරු කලාට ජනතාව පාට මාරු කරන්නේ නැහැ. එදා කිව්වා දේමයි අදත් කියන්නේ. මගේ යූ ටර්න් එකක් නැහැ. ඒ ගොල්ලෝ තමයි යූ ටර්න් ගැහුවේ. දේශපාලකයෝ වචන වෙනස් කරන කරන පාරට මිනිස්සුත් වෙනස් වෙයි කියල හිතනවා නම් ඒක ඒගොල්ලන්ගේ අඩුපාඩුවක්. දේශපාලන අන්ධ භක්තිය මම එදත් ප්‍රතික්ෂේප කළා. අදත් ප්‍රතික්ෂේප කරනවා.
0 0
Sarath Thursday, 23 January 2020 06:43 AM
labana wara eliyata wisiwena weera kumarayagen thawath kadeyaamak
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

